හෙලිදරවුවෙන් පැය 24ක් යන්න කලින් අනුරට නඩු දමන බව දන්වයි..
May 4, 2022 at 12:02 am | lanka C news
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.
රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.
ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.
එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.
මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.
එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.
නඩු දාන්න ඕන අපිද ? ලපයාට බැරිද ? ලපයාට මොනවාද පුලුවන් ? පුංචි අම්මා තමා දන්නේ.
චන්ඳ්‍රිකා හොරු අල්ලා ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් ඇහේ ඉඳන් පට්ට ගසනවා කීවාට එසේ කලේ නැත.ඒ වෙනුවට ඇය චෞර රැජින නමින් විරුදාවලි ලැබුවාය. සමහරු බලයට ඒමට යුද්ධය විකුණුවේය.තවත් සමහරු ජාතිය ආගම විකුණුවේය.තව කෙනෙක් දිළිඳුකම විකුණුවේය.2015 අනුර ඇතුළු යහපාලන නඩය හොරකම විකුණුවේය.එහෙත් ඇල්ලු හොරෙක් නොවීය.ඒ වෙනුවට රටේ ආර්ථික මර්මස්ථාන මහ දවාලේ හොරා කෑවෝය.නඩු දානවා කීවාට දාපු නඩුවක් නැත.දැන් නැවතත් අනුරගේ කණ්ඩායම හොරකම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණමින් පරණ තැටියම වාදනය කරන්නේය.එහෙත් ඔවුන් කාටවත් නඩු දාන්නේ නැත.අනුර හොයාගත්තාය කියනා නඩු හා චෝදනා කලින් සොයා ගත් ඒවාය.ඒවා නැවත හොයාගෙන අපි සොයා ගත්තා කියා කීම විහිළුවකි.උදාහරණ ලෙස පැනමා,පැන්ඩෝරා,අමෙරිකානු තානාපති කාර්යාල නඩුව මල්වාන නඩුව,එයාර් බස් ගණුදෙනුව,මහ බැංකු බැඳුම්කර සඳහන් කල හැකිය.මේ සියල්ල රටක් ලෙස විසඳා ගත යුතු කරුණු බව සැබෑය.කණගාටුවට කරුණ මේ සියලු දෙනාම එකම සංගීත පුටු තරඟයේ තරඟ කරන තරඟකරුවෝය.ඔවුන් කටින් කීවාට එකෙකුට එකෙක් නඩු දාගන්නේ නැත.සියල්ලන්ගේම කිල්ලෝටවල හුණු සොච්චමක් හෝ ඇති බව ඔවුනොවුන් දන්නේය.අවසන නටපු තොවිලයකුත් නැත,බෙරේ පලුවකුත් නැත.
Why this guy Anura never accuse Ranil hamu? Anura is too CIA guy!
Cabral pacha kelinna epa.
wikepedia eketh thiyenawa Suberi ta Cabral salli dunna bawa.