හෙල උරුමය අතහැර ඇමති චම්පික එජාපයට.. හෝමාගම එජාප ආසන සංවිධායක..

September 24, 2017 at 12:15 am | lanka C news
හෙල උරුමය අතහැර ඇමති චම්පික එජාපයට.. හෝමාගම එජාප ආසන සංවිධායක..

ජාතික හෙල උරුමයේ ලේකම් ඇමති පාටලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට නියමිත බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

ඇමති ධුරයෙන් ඉවත් කරන ලද හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් දරනු ලබන හෝමාගම එජාප ආසන සංවිධායක ධුරය ඇමති චම්පිකට ලබා දෙනු ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

කොට්ඨාශ ක‍්‍රමයට ඉදිරි මැතිවරණ පැවැත්වෙන නිසා ප‍්‍රෂාන දේශපාලන පක්‍ෂ සමග සන්ධානගතව සිටින සෙසු පක්‍ෂවලට ආසන සංවිධායක ධුරයන් ලබා ගැනීමට සිදුව ඇති නිසා ඇමති චම්පිකද මෙම තීරණය ගනු ඇති බව එම වාර්තාවන්හි වැඩි දුරටත් සදහන් වෙයි.

41 views
Main News