හෙල උරුමය එලිපිට කා කොටා ගනිති.. රතන හිමියන් මන්ත්‍රීධුරයෙන් අස්වෙන්නැයි දන්වති..
January 26, 2017 at 1:20 pm | lanka C news
ජාතික හෙල උරුමය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එම පක්ෂය විසින් දන්වා තිබේ.
එම පක්ෂ සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ දැනටමත් මේ බව රතන හිමියන් වෙත දන්වා ඇති බවයි.
රතන හිමියන්ට මන්ත්‍රී ධුරය ලබා දුන්නේ පක්ෂය වෙනුවෙන් වැඩ කරන බවට පොරොන්දු වූ නිසා බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.