හෙල උරුමය කඩාගෙන ‘හෙල උරුම විකල්පය’ බිහිවේ.. ගෝටාට සහාය දෙන බව කියයි..

October 27, 2019 at 6:48 pm | lanka C news
හෙල උරුමය කඩාගෙන ‘හෙල උරුම විකල්පය’ බිහිවේ.. ගෝටාට සහාය දෙන බව කියයි..

ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ කැදවුම්කරු රොෂාන් ජයසිංහ මහතා සදහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ මේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පමණක්යැ’යි තම කණ්ඩායම විශ්වාස කරන බව යි.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දී ගනු ලබන ස්ථාවරය පැහැදිලි කිරීම සදහා මිනුවන්ගොඩ දී  පැවැති මාධ්‍ය  හමුවක දී ජයසිංහ මහතා මේ බව සදහන් කළේ ය.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ජයසිංහ මහතා මෙසේ ද කිවේ ය.

“ජාතික හෙළ උරුමය බිහිවුණේ  සෝම හිමියන්ගේ දර්ශනය අනුවයි.නමුත් එය පසුකාලීනව පා.ච රණවක මහතාගේ තනි බූදලයක් බවට පත් වුණා. ඔහු පක්ෂය හැසිරෙව්වේ ඒකාධිපතියෙක් වගේ. ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස පෙනී සිටියාට පක්ෂය තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ නෑ.

2015 දී ඇමති පාඨලී චම්පික රණවක මහතා ලෙන් දොර බිදලා ගියේ වැරදි ගමනක්. ඔහු රනිල් ව හැදින්වුයේ නූතන දොන් ජුවන් ධර්මපාල විදිහට. ඒ නූතන දොන් ජුවන් ධර්මපාල සමග එකතු වෙලා බෙදුම්වාදය රට තුළ ස්ථාපිත කරන්නයි චම්පික ඇමතිතුමා 2015 දී රනිල් – මෛත්‍රී අශුද්ධ හවුලට එකතු වුණේ. එදා අපි මේ රටට වෙන්න යන විනාශය දැක්කා. ඒ නිසා අපි පාඨලී චම්පික ඇමතිවරයා  අතහැර දැමුවා. එදා පිරිසිදු ජාතික හෙළ උරුමයේ සියලු දෙනා චම්පික ඇමතිතුමා අතහැර දැමුවා. 1 % ක් වගේ පිරිසක් තමයි චම්පිකට පක්ෂව ඉන්නේ.

පාඨලි චම්පික රණවක ඇමතිතුමා සුදු පිරුවට ඇන්දට ඔහු අන්ත දූෂිතයෙක් බව මා පෞද්ගලිකවම දන්නවා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා වෙන්න. ඒ නිසයි ඔහු එක්සත් ජාතික පක්ෂයට ගියේ. එක්සත් ජාතික පක්ෂය හරහා රටේ නායකත්වයට ඒමේ අරමුණ මතයි ඔහු කටයුතු කරන්නේ. ඔහුගේ දේශප්‍රේමය ව්‍යාජ දේශප්‍රේමයක්. ඔහු සැබැ දේශප්‍රේමියෙක් නෙවෙයි. ඇත්තටම පාඨලී චම්පික රණවක දේශප්‍රේමියෙකු ලෙස පෙනී සිටිමින් මේ කරන්නේ තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට උත්සහ කිරීමයි. වත්මන් යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව අනතුරේ හෙලද්දී ඔය මහා දේශප්‍රේමී පා.ච රණවක හිටියේ බුදියගෙන. අපි අභියෝග කරනවා පුළුවන්නම් ජාතික හෙළ උරුමය ලකුණින් ඊළග මැතිවරණයේ දී වෙනම තරග කරලා පාර්ලිමේන්තු එන්න කියලා. අපි කොහොමත් ඊළග මැතිවරණයේ දී  මේ බොරු දේශප්‍රේමියාගේ සුදු පිරුවට ගලවන්න කටයුතු කරනවා.

අපිට ඡන්ද ලක්ෂ 05ක් පමණ තියෙනවා. දිවයින පුරාම හැම ආසනයකම අපේ නියෝජිතයෝ ඉන්නවා. අපි එකාවන් ව මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කරනවා.

ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරු ද මෙ‍ම අවස්ථාවට එක්ව සිටිය හ.

– හේරත් LR

79,501 Viewers

21 Comments to “හෙල උරුමය කඩාගෙන ‘හෙල උරුම විකල්පය’ බිහිවේ.. ගෝටාට සහාය දෙන බව කියයි..”

  1. ක්‍රිමිනල් says:

    ගොඨාභය මහතාට මේපාර චන්ද පොහොට්ටුවේ චන්ද ලක්ශ 50 + නිදහස් පක්ශයේ චන්ද ලක්ශ 15 + ද්‍රවිඩ මුස්ලිම් චන්ද ලක්ශ 10 +( පිවිතුරු + හෙල උරුම )චන්ද ලක්ශ 5 + එජාපයෙන් කැඩි ගිය වසන්ත සේනානායක චන්ද ලක්ශ 2 + පාවෙන චන්ද ලක්ශ 10 = ලක්ශ 90 ( පුටින් ලබා ගත් ප්‍රතිපලය)

    සජිත් ලක්ශ 20 යි

    වෙනත් ලක්ශ 10 යි ✌️✌️

    • john the baptice says:

      ජයවෙවා ගෝටා 99.99%

      • ක්‍රිමිනල් කියන්නේ කුලියට කහින කඳ says:

        ක්‍රිමිනල් කියන්නේ කුලියට කහින කඳ
        මේව ලියල මේකෙන්ම හම්බ කරනවද
        මෙලෝ රහක් නෑ මුගෙ වචනවලද ගඳ
        දැක්ක ගමන් හිතුනා මොන්ටිසෝරි පද

        • Love nature says:

          වැලේ වැල් නැති තොරන්වල කවි කියපු යුඑන්පී කාරයෙක් හිටියා. ඒ උබ නේද?

          • Helaya says:

            Ekanam aththa…
            Yako hariyata kawiyak liyanna berinam mona magulatada kawiwalin reply karanne..
            Moda UNP wasalaya…

        • ක්‍රිමිනල් says:

          එළිසම බැද කව් සිතුවිලි පදබැන්දා
          මුතුකැට මෙන් පෙල ගස්වා හදරන්දා
          තොගේ කව් ‘වැට මෙලෝ රහක් නැති හින්දා
          කෙටුව්ව්මි පිළිතුරක් සකිසද ගව රජිදා

  2. Love nature says:

    එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් වෙනුවෙන් පැවති මාළඹේ ජනරැළියකදී මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහර දීමක් සිදු කරනු ලැබීය.

    පැවති මෙම රැළිය අමතමින් සිටි චම්පික ට විරෝධය දැක්වූ තරුණයෙකුට මෙසේ කිහිප දෙනෙකු එක්ව දරුණු ලෙස පහර දුන්හ.

    එම ප‍්‍රහාරයට පසු සජිත් ජනරැලිය ආරම්භ කරන ලද්දේ ධම්ම පදයේ ගාථායක්ද කියමිනි.

  3. 🌷 says:

    💪💪ජයෙන් ජය🌷

  4. jayasiri says:

    රටට ජාතියට බුදුසසුනට හිතැති සියලු දෙනාගේ එකම පැතුම මහින්ද ගෝදටාභය සුසංයෝගයයි.

    • Rata Wenuwen says:

      ස්වභාව දර්මයා විසින් හොඳ නරක සෝදා පහදා දෙන වගයි

  5. දේවක says:

    දැන් ඉතින් ජෙප්පෝ මේ කට්ටියව පලු ඇරල කොමෙන්ට් දායි.

  6. gamini says:

    jaya wewa

  7. සිරා says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරයි : පුවතක් !!!
    A/L හා O//L නැති ගොනෙකුයි බූරැවෙකුයි විවාදකරන දුර්ලභ අවස්තාවක් !!!

    • Politics says:

      Yes .. JVP fools always think they are the grate, but what we noticed during our university time was that most of the students from remote areas who have no any talents , but can talk aloud get into JVP politics.

      They never pass the exams at one sitting.
      They never involved in extra curricular activities.
      They always against to the rich students and spread jealousy.
      They always criticize things , but no planning or vision.
      They always look for hidden benefits and enjoy it secretly.
      They like all the enjoyment, but afraid to show it to the public.

      This is the type of JVP…

  8. wimuwa says:

    JVP kadagena 71 kandayama da karaliyata ewith etha

  9. Deshiya says:

    මේ හම්පඩ බල්ලෝ ආණ්ඩුවෙන් කාල කාල දැන් කෙලවේගන එනකොට පැත්ත මාරු කරනවා. ඕකුන්ව ගහල පන්නන්න ඕන දෙපැත්තම නැති වෙන්න.

    • Pal says:

      This is the fact…

      JVP signed an agreement with Ranil during 2015 presidential election and the agreement were to …

      (1) Give Handunneththi the president post in the COPE.
      (2) Not allow MR or any other Sinhalese to be the opposition leader.
      (3) Give the main organizer of opposition to Anura Kumara.

      JVP also agreed to protect Ranil’s Prime Minister post whenever requested.

      All these happened and now they talk something else.

      JVP is responsible for all what happened during the last 4 years.

  10. Boruwa Rajakaramu says:

    JVP is taking the revenge of the Sinhalese majority for going after UNP and SLFP alliance for the last so many years and like to see their downfall.

    For them to see the downfall of people they brought Ranil into power and still like to see that continues.

    They think if MR and Gota comes they will continue with them rather than looking for alternatives.

    Please try to understand JVP mentality.

  11. පොඩි බයියා says:

    මාළඹේදි ගුටි කාපු එකා ඇත්ත වැමෑරුව.බැසිල ඌට 50000/_ දීල තියෙනව මේ කලබලය ඇති කිරීමට. නොදකින් ගොන් බයි හැත්ත.

Main News