හෙළිකොප්ටරයක් අහසේ සිට තේ කොළ පැකට් විසි තරයි.. ජන ජීවිත අනතුරේ..
November 25, 2017 at 6:28 am | lanka C news
සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ.
පොලිතින් නිෂ්පාදන තහනම් කරමින් පරිසරය ආරක්ෂා කිරීමට රජය උත්සහ කරද්දී ගුවන් මගින් දිරාපත් නොවන තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්තරා සමාගමකට ඉඩ දී ඇත.
ඒ අනුව ඊයේ හෙළිකොප්ටර් යානයක් භාවිතා කරමින් අදාල සමාගමේ නිෂ්පාදන ගුවනේ සිට බිම දමනු ලැබීය.මෙසේ කිරීම ඉතා අවදානම් වන අතර කුඩා දරැවෙකුගේ හිසට මෙම තේ කොළ පැකට්ටුවක් වැටුනහොත් ඊට වගකියන්නේ කවුද යන්න අප ප්‍රශ්ණ කරන අතර බල්ලන් මරා හෝ සල්ලි හොයන රජයේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසද අප රජයට බල කරමු.
මේ පිළිබදව වහා විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ද ලිඛිත ඉල්ලීමක් කර ඇත. එසේ නොකරන්නේ නම් සිදුවන මහජන පීඩාව සම්බන්ධයෙන් අප අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කරන බවද දන්වමු.
රංජිත් විතානගේ
සභාපති
” BALLO MARA HARI SALLI HOYAGENA ”
LOKKAGE BANKUWA PURA WANNA
නිවාස වල වැහි පිහිලි වලට මේවා වැටුනහොත් එම පිලි අවහිර වී ඩෙංගු මදුරුවන් ඇතිවිය හැකියි .රටේ මහජනතාව වෙන වෙනම තමුන්ට එවැනි අවදානමක් ඇතිකළ එම සමාගමට විරුද්දව නඩු දැමිය යුතුයි
This country is run by
President MAITHREE MUGABE
And
PM RANIL MUGABE
DON’T expect anything for the people