හෙළිකොප්ටර් ගිලන් රථ ලංකාවට.. ගිලන් රථවලට ගල් ගහන්න කියූ ලෝකයේ එකම වෛද්‍යවරුන් ලංකාවේ..

January 20, 2019 at 12:00 pm | lanka C news
හෙළිකොප්ටර් ගිලන් රථ ලංකාවට.. ගිලන් රථවලට ගල් ගහන්න කියූ ලෝකයේ එකම වෛද්‍යවරුන් ලංකාවේ..

දිවයින පුරා පිහිටි රෝහල් 152 කට අවශ්‍ය ගිලන් රථ 152 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කෙරිනි.

එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 132 ක් ද ජර්මනියේ බෙන්ස් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 20 ක් ද, මෙහිදී බෙදාදුන් අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 2850 කි. ෆොර්ඩ් වර්ගයේ ගිලන් රථ 250 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබේ. අද දින බෙදා දුන් ගිලන් රථ මධ්‍යම රජයේ රෝහල් 34 කට ද පළාත් සභා රෝහල් 116 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද බෙදා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ගිලන් රථ රියදුරන්ට හදිසි තත්ත්වයක දී ප්‍රතිකාර කිරීම සදහා අනෙකුත් කාර්ය මණ්ඩලය සමග ඒකාබද්ධ වීමට විශේෂ පහුණුවක් ලබාදෙනවා. ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම අපගේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කළේ නිවසේ සිට රෝහල දක්වා රෝගීන් ප්‍රවාහනය කිරිම සදහායි. “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විවේචනයක් එල්ල කළා. මැලේරියාව, රෝ ඔත්තු සේවාව ලංකාවට එන බව ප්‍රකාශ කළා. දැක්ක තැන දී ගල් ගහන්නත් කිවුවා. තමන් වෛද්‍යවරුන් බව ප්‍රකාශ කරමින් ගිලන් රථයකට ගල් ගහන්න කියපු ලෝකයේ එකම වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ. මේ වන විට “සුවසැරිය” ගිලන් රථ සේවාවෙන් ලක්ෂ 08 කට වඩා ජනතාවකට සේවය ලබා දී තිබෙනවා. දරු ප්‍රසූත 35 ක් සිදු වී තිබෙනවා. එම සේවාවේ කාර්ය මණ්ඩලයට විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව ජනතාව ඉහළින් පිළිගන්නා නිසා තමයි දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් බවට එය පත් කළේ. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි අහනවා සුව සැරිය ගිලන් රථ ම ගේන්න බැරිද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ ගෙනඒමට ටෙන්ඩර් කැඳවූවා. එහිදී සමාගම් 04 ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුනත් ඇතැම් සමාගම් වල මිල ඉතාම අධික වුනා. වෑන් රථ වලට ගිලන් රථ උපකරණ සවිකර දීමට ඇතැම් සමාගම් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ෆොර්ඩ් සහ බෙන්ස් සමාගම් නියම ගිලන් රථ ගෙනඒමට කටයුතු කළා. මීට පෙර මෙවැනි ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වූයේ නැහැ. අපේ අමාත්‍යාංශයේ නිලධාරින් සමාගමට අවශ්‍ය පරිදි තමයි වැඩ කටයුතු සිදු කළේ. මෙවරත් එවැනි සිද්ධි සිදු වීමට තිබුනත් එය නතර වුනා. මටත් බලපෑම් කළා. නමුත් ටෙන්ඩර් ඉදිරිපත් කළ ආකාරයට තමයි නිසි පරිදි එය සිදු වුනේ. ෆොර්ඩි වර්ගයේ එක ගිලන් රථයක මිල රුපියල් මිලියන 9.2 ක්. සමහරු කැමැති නැහැ මෙවැනි ගිලන් රථ ගෙනඒමේ තීරණයට මොකක් හරි වාහනයක යන්න තමයි බලන්නේ. බෙන්ස් වර්ගයේ රථවාහන භාවිත කළේ ධනපතීන් විසින්. නමුත් වර්තමානයේ ගම්වැසියන්ට ද බෙන්ස් වර්ගයේ ගිලන් රථයකින් හෝ රෝහලට යන්න පුළුවන්. සියලු සෞඛ්‍ය පරික්ෂණ නොමිලේ ලබා දී තිබෙනවා. ලෝකයත් සමග ගමන් කරන්නේ නැති. රටක් දියුණු වන්නේ නැහැ. එම නිසයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පැවැසුවේ නව දේවල් නිපදවන රටක් ඉදිරියට යනවා කියලා.”

“වත්මන් රජය සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. අපි මුදලට වඩා මනුෂ්‍යත්වය දෙස බලනවා. සෞඛ්‍ය සේවාව සදහා වූ තීන්දු තීරණ කඩ්නමින් ලබාගත යුතුයි. ප්‍රමාද වී ගන්නා තීන්දු තීරණ නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර තීන්දු තීරණ විවේචනයට ලක් වෙයි. හොරකම් කරනවා කියලා කියයි. ඒවා ගණන් ගන්න එපා. ඇතැම් මාධ්‍යවේදීන් කුහක කම නිසා මාව විවේචනය කරනවා. නමුත් මම ඔවුන්ටත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අනගාරික ධර්මපාල තුමා ප්‍රකාශ කළා ලංකාවේ හොද වැඩ කරනවා නම් බැනුම් අහන්න සුදානම් වෙන්න කියලා. මහාචාර්ය සේනක බිබිලේ මහතාත් ශ්‍රී ලංකාව ගැන කළකිරී තමයි රට අතහැර ගියේ. ලෝකයම ගරු කළත් අපේ රට ගරු කරන්නේ නැහැ. ලංකාවේ කිසිම වෛද්‍ය සඟරාවක සෞඛ්‍ය සේවාව අගය කරලා ලිපි පළ නොකළත්, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාව සෞඛ්‍ය සේවාව අගය කර කතුවැකියක් ලියා තිබෙනවා. හෘද රෝගීන් සදහා ටෙනෙක්ටර් ප්ලේස්, සුවසැරිය ගිලන් රථ සේවාව සහ ස්ටෙන්ස් ලබාදීම නිසා හෘද රෝග ප්‍රතිකාර සේවාව විප්ලවීය වෙනසකට ලක්ව ඇති බව එම සඟරාව පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය නවීන ඖෂධ, උපකරණ ඉදිරියටත් ලබාදෙනවා. එය තමයි යහපාලනයේ ප්‍රතිඵල. ගිලන් රථ හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ද ලංකාවට ගෙනඑනවා. ඒවා භාවිතා කරමින් ද රෝගීන් කඩිනමින් රෝහල්වලට ගෙනඒමට කටයුතු කරනවා.”

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගිලන් රථ යතුරු රෝහල් අධ්‍යක්ෂවරුන්ට පිරිනමන ලදි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී.පෙරන්පනායගම් මහතා විසින් රචිත මාර්ග අත් පොතක් ද සියළුම ගිලන් රථ රියදුරන්ට මෙහිදී බෙදා දුන්හ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගිලන් රථ පරීක්ෂාවට ද ලක්කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ෆොර්ඩ් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ (අලෙවි) ගිහාන් විතානගේ, අධ්‍යක්ෂ හේමන්ත ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිලන් රථ රියදුරන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

12,559 Viewers

22 Comments to “හෙළිකොප්ටර් ගිලන් රථ ලංකාවට.. ගිලන් රථවලට ගල් ගහන්න කියූ ලෝකයේ එකම වෛද්‍යවරුන් ලංකාවේ..”

  1. සුරාජ් says:

    සාමාන්‍ය දැනුම තිබෙන ඕනෑම කෙනෙක් දන්නවා බෙන්ස් ,ෆෝර්ඩ් වාගේ වාහන කියන්නේ සුදු අලි කියන එක .මේ වාහන නඩත්තුව බොහොම සියුම් හැම දෙයක්ම නියමාකාරයෙන් නඩත්තු කලේ නැතිනම් ටික කාලෙකින් වාහනේ ඉවරයි ඒ වගේම තමයි ඉතින් නඩත්තුවට යන වියදම ජපන් වාහන නඩත්තුව වගේ දහගුණයක් පමණ වැඩියි .ටොයෝටා වැනි වාහන රටේ දහස් ගානක් තිබෙන නිසා ඒවායේ අමතර කොටස් නිරතුරුවම සමාගමේ ගබඩා වල තිබෙනවා නමුත් මේ ජර්මන් එංගලන්ත වාහන අඩු ප්‍රමාණයක් රටේ තිබෙන නිසා එම වාහන වල අමතර කොටස් සමාගමේ ගබඩා වල තබාගෙන ඉන්නේ නෑ ඕඩර් එක අනුව ගෙන්වනවා එසේම බෙන්ස් audi bmw ford වැනි වාහන ගෙන්වන සමාගම් අමතර කොටස් ගබඩා නොකරන බැවින් එම කොටස් ගෙන්වන්නේ ගුවන් මගින් එනිසා අමතර කොටස් මිල ඉතාම අදිකයි .
    ජපන් ඉතාම විශ්වාසදායි වාහන ජර්මන් හා යුරෝපියා වාහන වලට වඩා තුන් හතර ගුණයක් අඩු මිලට පවතිද්දී එසේම ජපන් වාහන නඩත්තු මිල යුරෝපා වාහන වලට වඩා ඉතාම අඩු වෙද්දීත්
    මේ යුරෝපා වාහන මිලට ගත්තේ අනිවාර්යෙන්ම කවුරු හෝ කාගෙන් හරි ජරාවක් කාලා වෙන්න 99.9% ඉඩක් තියෙනවා .
    දැන් ඉතින් සවුක්ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් 50% පමණ මෙම ගිලන් රථ නඩත්තුවට වෙන් කරන්න පුළුවන් ලෙඩුන්ට තිබෙන මුදල් වලින් කොටසක් කාගේ හරි සාක්කුවට ඉතුරු ටික යුරෝපා සමාගම් පෝසත් කරන්න

    • ක්‍රිමිනල් says:

      එතකොට මහත්තයො ඉහල ප්‍රමිතියෙන් යුතු බීමර් ,බෙන්ස් , රේන්ජ් රෝවර් අපේ මුදලින් දේශපාලකයන්ගේ පරිහරනයට යෙදෙව්වට මහජන මුදල් අවභාවිතා වෙන්නැද්ද ? එගොල්ලන්ටත් ටොයොටා , මැස්ඩා ,හුන්ඩේ’යි ,මරූටි වගේ වාහන භාවිතාකලොත් පස්සෙ හොරි හැදෙනවද ? එතකොට ලංකාවේ DHL වැනි සමාගම් පාර්සල් ප්‍රවාහනය කරන්නේ ටොයොටා කේ ඩී එච් එකෙන්ද ? නෑනේ ! අසරණ රෝගියෙක්ට බෙන්ස් ගිලන්‍ රථයක සේවාව නොමිලේ ලැබෙනවනං ඔබ එයට එකග නොමැතිද ?

      • අනේද කියන්නේ says:

        මේ ක්රිමිනල් කියන එකා කෙලින්ම කඩේ යන්නේ මේ වාහන ගෙන්වන සමාගම් වලට බව පැහැදිලියි ..මු කතා කරන්නේ මේ වාහන බටහිර රටවලින් නොමිලේ දෙනවා වාගේ නෑ ගොන් බිජ්ජෝ මේ වාහන ගන්නේ රටේ අහිංසක මිනිස්සු පරිප්පු 100 ටත් ගෙවන බදුමුදල් එකතු කරලා එහෙම නැතිව උඹල වගේ කළු සල්ලි හොයන /එන්ජිඕ ඩොලර් කන එවුන් ආණ්ඩුවට මුදල් දීලා ගන්න ඒවා නෙවෙයි .
        අහිංසක මිනිසුන්හේ බදු මුදලින් ගන්න වාහන සුදු අලි උනාම ඒවා අවුරුදු 5කින් කොට උඩ තියන්න හරි ඒවා ආයේ පාරට දාන්න අලුත් ජපන් වාහන දෙකක් ගන්න සල්ලි වියදම් කරන්න උනාම ඒ විනාස වෙන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ සල්ලි

        • "ක්‍රිමිනල් යටිකය දැවෙනා රෝගී" says:

          සිංහල අකුරු උපමා ක‍ර ලියනෙමි වේගී
          ක්‍රිමිනල් කියන නම දාලා පච ලියලම චූගී
          කුම ලියනවද නොදනි කොලොප්පම් රාගී
          කියවන්නෝ දනී මූ යටිකය දැවෙනා රෝගී

    • "මොන රටේද බං.??"" says:

      කතාව ඇත්තනම්…
      ගිලන් රථවලට ගල් ගහන්න කියූ… ලෝකයේ එකම වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ.!

      එතකොට සිංගප්පූරුවෙ සැත්කම කරගත්ත ලෝකයේ එකම සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යවරය ඉන්නේ…. මොන රටේද බං..??
      “ඔරුමිත්ත-නාඩු” රටේනෙ බං…!!!!

  2. සිකියුරිටි says:

    බොහොම හොඳයි මේ බෙන්ස් ෆෝර්ඩ් ගිලන්රථ සර්විස් එකට රට පුරාම හැම තැනම ඒගොල්ලන්ගේ විශේෂ ක්‍රම අනුව හදපු සේර්විස් ස්ටේෂන් තියෙනවනේ .

    බදුල්ලේ තිබෙන ගිලන්රතය සේර්විස් කරන්න කොළඹම අරගෙන එන්න ඕනා කියල කවුද කියන්නේ ?
    බදුල්ලේ බෙන්ස් සර්විස් කරනවා මාටින් මාමගේ ගරාජ් එකේ .
    ‘ෆෝර්ඩ් කොම්පැනි සේර්විස් එක තියෙන්නේ පාර්ලිමෙන්ට් එක ළඟ තැනක විතරයි ? මොන බොරුද පුලියන්කුලමේත් ,නිකවරටියෙත් හැම තැනම ඕවා සර්විස් කරනවා

  3. කනිෂ්ක says:

    ඇමෙරිකානු රහස් ඔත්තු සේවය බින් ලාඩන් නමැති ත්‍රස්තවාදියා සිටින ස්ථානය සොයා ගැනීම සඳහා පාකිස්තානයේ වැඩපිළිවෙලක් සකස් කළා ඒ අනුව ඇමෙරිකාව පාකිස්තානයේ වයිදයවරයෙක් සම්බන්ද කරගෙන රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සවුක්ය ආරක්ෂා කිරීමට ලේ පරික්ෂා කිරීමක් ආරම්බ කළා (බොරු ස්වෙච්චා සන්විදානයක් අටවාගෙන )ගෙයින් ගෙට ගොස් සිදුකරන ලද මේ කර්තවයට විශාල සේවක පිරිසක් සහබාගි කරගත්ත අවසානයේ මේ සමාජ සත්කාර ආවරණය යටතේ සිටි ඇමරිකානු රහස් ඔත්තු සේවය බින් ලාඩන් සැඟවී සිටි තැන සොයා ගත්තා .ඔහු අසුවීම හොඳයි .නමුත් මේ කතාව කිව්වේ ඉන්දියානුවන්ගේ ශ්‍රීලංකාව වෙත ඇති ආදරයේ අනෙක් පැත්ත පෙන්විමටයි .ඉන්දීය ගිලන්ර්ත සේවය 2015 රට බෙදීමට සහය දුන් ජනතාවට දුන් තෑග්ගක් ද ?නැතිනම් රට පුරා ගෙන යන යම් රහසිගත වැඩපිළිවෙලක්ද ?

    • ක්‍රිමිනල් says:

      පට්ට කුහක කම කියන්නේ ඔකට , ඔය හොර GMOA නඩේ ගහපු බයිලාවලින් එකක් තමයි ඔය රෝ ඔත්තුසේවයේ එජන්තයො ගිලන් රථ වල සේවයේ යොදවනවා කියන කාරනේ , දැං සුසැරියේ ගිලන්‍ රථ එලවන්නේ රෝ නියෝජිතයෝද ? ඔය බයිලා හොදයි , කොන්ඩේ බැදපු චීනුන්ට.

      • නිහාල් says:

        තාක්ෂනය දියුණු මේ කාලේ ජීව දත්ත එකතු කරන්න ,රටේ භූ සිතියම් ,පදිංචි කරුවන්ගේ දත්ත හොයන්න ඩ්‍රයිවර්ලා ඉන්දියානුවන් වෙන්න ඕන නෑ.හැබැයි ඔය ඉන්දියන් අම්බුලන්ස් දුන්නු කොම්පනියම බෝට්ටු සේවයක් දාන්න ගාල්ලේ වරායේ කොටසක් ඉල්ලුවේ මොකද කියල කියපන් බලන්න .ඒ බෝට්ටු සේවයකටද එහෙමත් නැතිනම් දකුණු මුහුදේ ඔත්තු බලන්නද ?.අම්බුලන්ස් කොම්පැනි බෝට්ටු සේවයක් කරනවා ඇහුවමයි

  4. ලසා says:

    නියම බුද්දිමත් තීරණයක් අරගෙන තියෙනව අපේ සවුක්ය ඇමතිතුමා .බෙන්ස් ෆෝර්ඩ් රථවල යන්න බැරි අපේ ගමේ මිනිහා වෙනුවෙන් දැන් බෙන්ස් ,ෆෝර්ඩ් ගිලන්රථ ලබල දීලා ඔන්. වැඩේ තියෙන්නේ ඇමතිතුමෝ ඕය අති විසාල බෙන්ස් ,ෆෝර්ඩ් ගිලන්රථ වලට අපේ ගම්වල කැලෑ පාරවල් වල ගම්වල පුංචි කඳු පාරවල් වල වන්ගුවල යන්න බැරි වීම .එක නිසා අපේ අහිංසක මිනිසුන්ට බෙන්ස් එකක යන්න ආවස්තව හදපු අපේ ඇමතිතුමාගේ මොලයට පින්සිද්ද වේවා කියල පතනවා අනේ අනිච්චන්

    • කුඹියා says:

      කතාව ඇත්ත දැන් ලංකාවේ තිබෙන ගිලන්රථ අන්තර්ජාතික මට්ටමේ නොවෙන්න පුළුවන් ඒ වුනත් ඒවාට අපේ රටේ ට්‍රැෆික් එකෙත් වන්ගුවලත් ලේසියෙන් යන්න පුළුවන් .මේ මහා බස් වගේ පළල ඒවා හැම තැනම හිරවෙනවා ඉන්දියාවෙන් ගෙනාපු ලඩි ටිකත් ට්‍රැෆික් එකේ හිරවෙලා ගාට ගාට තමයි යන්නේ .කාට හරි හොද කොමිෂන් එකක් ගිහිල්ලම තමයි .සිකුරාදා මේ ගිලන්රථ නවත්තලා තිබීම නිසාත් කොළඹ මහනගරසභාව ඉදිරිපිට මහා ට්‍රැෆික් එකක් ඇතිවුනා පාරේ පළල මදි වෙලා .ඒ මදිවාට ෆෝඩ් කාරයා උන්ගේ බැනර් දාගෙන මේ අවස්ථාව උන්ගේ AD එකක් බවට පත්කරගත්ත .කොම්පැනි කාරයෝ සතුටු කරන එක කොහොමත් මේ UNP ආණ්ඩුවේ සිරිතනේ

    • ක්‍රිමිනල් says:

      උබලගේ සෝමාරී කමට , බෙන්ස් , බීමර් , අවුඩි , අරවා මෙව්වා ගන්න බැරි උනාට පාරට බැහැලා බලපං බෙන්ස් , බීමර් කොච්චර තියෙනවද කියලා , ඇයි යකො එංගලන්තේ වගේ බෙන්ස් ස්ප්‍රින්ටර් ඇම්බියූලන්ස් එකක යන්න ලංකාවේ උන්ට බැරිද ? හෙන ඩොටෙං ආපු , හොරාකාලා ,හොරාකාලා දේශපාලනෙන් ගොඩ ගිය උන්ට බුලය්පෘෆ් බෙන්ස් එකෙන් ,රේන්ජ් රෝවරෙන් අපේ බදුමුදලෙන් නඩත්තු කරලා යන්න පුළුවන්නං , ඇයි යකො අපිට ස්ප්‍රින්ටර් එකක යන්න බැරි ? මහින්දගේ කාලේ ඔය දේවල් කරානං උබලා ඔය බයිලා ගහයිද ? ඇයි තොපිට අමතකද චෝගම් එකට ගෙනාපු සූප’ර් ලක්ශරි වාහන ටික ? ඇයි අමතකද දිරන්න දාලා තියපු ජනාධීපති ලේඛම් කාර්‍යාලේ වාහන ගොඩ ? කුහක හැත්ත !

  5. sunimal says:

    මහජන බදු මුදල් වියදම් කරලා අම්මගේ අප්පාගේ දේපල වගේ තමා කථා ක‍රන්නේ ලැජ්ජයි

  6. Sam says:

    Hari adambaran kiynava, man hithane eyage salli walin athi meva genath thiyene.

  7. Araliya says:

    Mama me langadi dekka “meleriyawa” ayeth vyaptha wenawa kiyala. E kiyanne GMOA eka kiyala thiyenne hari deyak.

  8. එජාප පසු පෙළ says:

    සේල් නැතිව අමාරුවෙන් දුවන වාහන කොම්පැනියක් මේ වැඩෙන් ගොඩ යනවා මේ රටේ මිනිස්සු ආර්ථිකය ගැන දන්නේ මොනවද ?ෆෝඩ් කොම්පැනිය සාර්ථක උනාම කාටද ආඩම්බර දැන් ඉතින් වාහන 250 නඩත්තු කරන්න පහසුකම් හදන්න පුළුවන් ඒවා නඩත්තු කරලා කොම්පැනිය ශක්තිමත් කරන්න පුළුවන් මෙන්න මෙහෙමයි එජාපය රටේ ආර්ථිකය හදන්නේ .මතක නැද්ද මිට කලින් එජාප ආණ්ඩුවක් සඳහා චන්ද කරනකාලේ රනිල් පොරොන්දු උනා අපි ජනතාවට අඩු මිලට ඇන්කර් දෙනවා කියල .අන්න එකයි unp එක බිස්නස් වලට හොඳයි කියන්නේ

    • ක්‍රිමිනල් says:

      රුපියල් 3,587,199,000 /= (තුන්සිය පනස් අට කෝටී හැත්තෑ එක්ලක්ශ අනුනම දාහයි ) මෙන්න මේ ගාන තමයි මහින්ද මහත්තයා තමන්ගේ සුඛ විහරනේට ගෙන්න ගත්තු වාහන වලට අපේ බදු මුදලින් ගෙවපු ගාන , එවගේම රනිල් ,මෛත්‍රී කියන දෙපලත් වාහන වලට මුදල් වියදං කලේ මහජනතාවගේ බදු මුදලින් , දැං උන්ට පුළුවන් නං උන්ගෙ ආතල් ගන්න අපේ සල්ලි වලිං ,ඇයි මහජනතාවට සෞඛ්‍ය සේවයෙන් සුපැහැදිලි ගිලන් රථ සේවාවක් ලබා ගන්න ? ඇයි යකො ඔව්වා යන්නේ ලෙඩ උනහම උබයි මායි නේ ! මහින්ද ලට විතරද ආතල් හොද ?

      • අනේද කියන්නේ says:

        අනේ මචන් ඇත්ත තමයි උඹලගේ රනිල්ලාට විතරක් නෙවෙයි නේද බන් අපිටත් බෙන්ස්වල යන්න නියම තීරණේ නේද බන් කොමිස් සල්ලිවලින් ක්රිමිනල් උඹට කියක් හම්බු වෙනවද කියල කියපන්කො

  9. Criminal says:

    “බෙන්ස් වර්ගයේ රථවාහන භාවිත කළේ ධනපතීන් විසින්. නමුත් වර්තමානයේ ගම්වැසියන්ට ද බෙන්ස් වර්ගයේ ගිලන් රථයකින් හෝ රෝහලට යන්න පුළුවන්.”

    Ha !!

    • නුවන් says:

      ඔව් ඔව් ඒවගේම ඒ බෙන්ස් ගීලන්රත අරගෙන දෙන්නේ ධනපතියන් විසින් මිසක් මේ දුපතුන්ගේ බදු මුදල් වලින් අරගන්න ගිලන්රථ නෙවෙයි .ක්රිමිනල්ට ලැබෙන කොමිස් මුදලුත් වෙබ් සයිට් වල unp එක වෙනුවෙන් කොමෙන්ට් දාලා ලැබෙන ඩොලර් වලින් කොටසකුත් මිනිහා දුප්පතුන්ට බෙන්ස් අම්බුලන්ස් ගන්න දෙනවා

  10. පංචවිද අක්කා says:

    අපිටත් බෙන්ස් එකක් ඕනෑ. දැන් තෙමුන ඇති!

  11. ඔය සුපිරි ගිලන් රථ 250න් කීයද හොස්පිටල් වලට ලැබෙන්නේ. වැඩිපුරම ඉතින් මැති ඇමත් වරුන් 225ට personal usage/escort එකට තමයි. පේන්නේ නැද්ද කාලා කාලා බඩවල් වල හැටි. කිසිම වැඩක් නැති අපතයන්ට සැප ගන්න අපි බදු වලින් ගෙවමු. අපි වගේ හරක් ජාතියක්

Main News