හෙළුවැල්ල පරම සැපතයි..- ඒකාබද්දයෙන් නිවේදනයක්..

August 20, 2018 at 4:40 pm | lanka C news
හෙළුවැල්ල පරම සැපතයි..- ඒකාබද්දයෙන් නිවේදනයක්..

ඒකාබද්ද විපක්‍ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනය

පසුගිය ජූලි 24 වැනි දා සිට ක්‍රියාත්මක වන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා විසින් යහපාලන ස්ථාවරභාවය වෙනුවෙන්ම පනවන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවක් නියම කොට ඇත. ඒ අනුව, වයස 35 ට අඩු 70 ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු ත්‍රී රෝද රථයකින් මගීන් ප්‍රවාහනය කිරිම දඬුවම් ලැබිය හැකි වරදකි. දඩ ද සිර දඬුවම ද බෝසත් පාලකයින් විසින් ඔවුනට ලබා දෙනු ඇත්තේ අන් කිසිඳු අරමුණක් නිසා නොව යහපාලන ; සංස්කෘතික රාජ්‍යය නිර්මාණය කිරීමේ පරම පිවිතුරු අධිෂ්ඨානයෙනි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව දොළොස් ලක්ෂය (1,200,000) ඉක්මවා තිබේ. මින් අටලක්ෂ පනස්දහසක් (850,000) පමණ මගී ප්‍රවාහනයේ යෙදෙති. ත්‍රි රෝද රථ සංගම් වල සංඛ්‍යාලේඛනවලට අනුව මින් 70% ක් පමණ පාලනය කරනු ලබන්නේ වයස අවුරුදු 35 ට අඩු තරුණයින් විසිනි.

ඒ අනුව, වත්මන් හවුල් ආණ්ඩුව විසින් එක් රැයක් තුළ මහමඟට ඇද දැමීමට බලාපොරොත්තු වන ත්‍රී වීල් සුක්කානමේ දෑත් රැඳි යෞවනයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ අනූදහස (590,000) ඉක්මවනු නිසැකය.

රැකියා දස ලක්ෂය, Free Wi Fi කළාප, වොක්ස්වැගන් ආර්ථිකය, පුංචි කාර් වැනි පොපියන චමත්කාරයෙන් සැරසූ සිහින, තරුණ සිත් තුළ රෝපණය කොට බලය ලබාගත් පාලකයින් මේ තරම් සැහැසි ලෙස තරුණ ආත්මයන්ගෙන් පළිගැනිම දරුණු ඛේදවාචයකි. මේ අනුව, දකුණේ සහ උතුරේ තරුණ නැගිටීම් තුනක්, දශක හතරක් තුල සිදුවූ රාජ්‍යයක් අප හමුවේ පිංතාරු කරනු ලබන්නේ භයංකර සිතුවමකි. මෙය රිදුම්දෙන දේශපාලන ප්‍රහසනයක් ලෙස පමණක් ලඝු කොට සැලකිය යුතු නොවේ.

වයස දහ අට (18) සම්පූර්ණ වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට නීතිය හමුවේ විවාහ විය හැක. වයස විසිතුන (23) සම්පූර්ණ වු ඕනැම රියදුරෙකුට බර වාහන සහ මගී වාහන පැදවීමේ බලපත්‍ර ලබා ගත හැක. ත්‍රී විලරයක ප්‍රවාහනය කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 3 ක් හෝ 4 ක් විය හැකි නමුදු වයස 24 ක 25 ක යෞවනයෙකු මගීන් සිය දෙනෙකු සහිත බස් රථයක් හෝ ටොන් ගණනාවක බර සහිත ලොරියක් පැදවීම සාමාන්‍ය දසුනකි. මගී ප්‍රවාහනය සදහා වයස් සිමාවක් අනවශ්‍ය බව හෝ ඕනෑම දරුවෙකුට මගී ප්‍රවාහනය සදහා අවසර දිය යුතු බව අප යෝජනාව නොවේ. ත්‍රී විලරය කර්මාන්තීය ගුණය සහිතව නියාමනය විය යුතු බව අපි ද පිළිගන්නා සත්‍යයකි. එය සාකච්ඡාවෙන් හෝ සම්මුතියෙන් විද්‍යාත්මක ගවේශණයක් හා හැදෑරීමක් තුළ සිදුවිය යුත්තක් විනා දේශපාලනඥයින්ගේ අමනෝඥ තිරණ මත ක්‍රියාත්මක කළ යුතු නොවේ.

අධ්‍යයනයකින් තොරව සිදුකරනු ලබන මෙවැනි තිරණ වලින් සිදුවනුයේ Free Wi Fi කළාප සිහිනයේ නෂ්ඨාවශේෂ ලෙස ඉතිරිව තිබෙන; ඇද වැටුණු Google බැලූනයේ සුන් බුන් ගොඩ මතට ශ්‍රී ලාංකේය තාරුණ්‍යය ඇද වැටීම පමණි.

ආණ්ඩුව තාරුණ්‍යයට එරෙහිව කඩුව අමෝරාගත්තේ පළාත් පාලන ආයතන හරහා ජාතික දේශපාලනයට සම්බන්ධවීමට තිබුණු, වසර 30 ක් තිස්සේ තිබූ මාවත අවහිර කොට ව්‍යවස්ථානුකූලවම ශ්‍රි ලාංකිය තරුණයා නොවැදගතෙකු බව තහවුරු කරමිනි.

කෙසේ නමුදු, තරුණ ප්‍රජාවට සතුටුවිමට දෝ එක් යහපාලන සංකල්පයක් හඳුන්වාදිම පිලිබඳව ඇතැම්හු සතුට ප්‍රකාශ කරති. යහපාලන ගුරුන් විසින් ප්‍රත්‍යක්ෂ කරනු ලබන එකී ශ්‍රේෂ්ඨ සංකල්පය හා පහත උදෘතය ශ්‍රී ලංකාවේ දොලොස් ලක්ෂයක් වූ ත්‍රී විලර් පිටුපස ස්ටිකරයකින් ප්‍රදර්ශනය කොට ආණ්ඩුවට ඇවැසි ගෞරවය නොපැකිලව ලබා දෙන්නැයි අපි හැට දෙලක්ෂයේ හෘද සාක්ෂියෙන් ඉල්ලා සිටිමු.

“නිර්වස්ත්‍රං පරමං සුඛං”

– ඒකාබද්ද විපක්‍ෂය

104 views

10 Comments to “හෙළුවැල්ල පරම සැපතයි..- ඒකාබද්දයෙන් නිවේදනයක්..”

  1. sampath says:

    We don’t have a man power. The reason is T-wheel . I think it is the best . Now younger will come to technical education.

  2. Aceman says:

    Does the Jackassery of this government know no bounds???
    So now you have these young men -quite a few of whom have young families to raise or aging parents to take care of- without a way to make a living!!

    What the hell are they going to do, sell drugs?? prostitute themselves to foreign ‘gal’ karayas…. or turn to burglary???

  3. Ranjan says:

    “නිර්වස්ත්‍රං පරමං සුඛං”. Chandrika madam is the best person for this. Ven. Maadulawe Sobitha thero must be turning in his grave. Where is our Mahanayakayas.

  4. TTT says:

    කුහක දේශපාලනේ අමතක කරලා රටක් හැටියට හිතුවොත් මේ තීරණය හරි. රටට අවශ්ය මානව සම්පත රස්තියාදුවට යොමුවෙන එක මේකෙන් නවතිනවා.

  5. UD says:

    They will become drug dealers. Wake up Mr. President. You created this mess you should get us out of this. We don’t know how. But you figure it out. Media is quiet.

  6. Saradiyel says:

    Ranjan you’re correct . This wordings ideal for her after two.three shorts of whisky .
    .

  7. Tikiri says:

    Hi Chandrika this is your creation, good ,do the same .

  8. gihan says:

    WISKY .SHOT. EKAK DAAGATTHAMA .CBK.ta meka prasnaya nehe.
    namuth me naatya liyapu.mewata ranganayen daayaka wuna nalu niliyo kawda
    kiyala heli daraw karanna. munma thamay mahaa loku kalaakaarayo lesa samaajaya
    idiriyata enne.

  9. නැතුව...නැතුව...මාර සැපක් says:

    නැතුව…නැතුව…මාර සැපක්..විස්කි අදඩියකුත් දා ගෙනම.

  10. Brahmana says:

    මට දැන් තමයි තේරෙන්නෙ එස්බිය මේකිගෙ රෙද්ද කඩල හෙලුවෙන් පාරෙ ඇවිද්දනවයි කිව්වෙ ඒකිත් එක්ක තියෙන තරහවක් හින්ද නොව වැඩි ආදරේට කියල. මිනිහ කොහොමහරි දැනගෙන තියෙනව බටකොල ආච්චි විස්කි බීල ප්‍රසිද්ධියේ හෙලුවෙන් හිඳීමට ආශාවක් දක්වනව නමුත් ඒක කැමැත්තෙන් කලබවක් ලෝකයා දැන ගන්නවාට අකමැතියි කියල.

    ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්ඩ තමයි මිනිහා ඒක තර්ජනයක් කරන විදිහට රඟ දක්වල පෙන්නුවෙ.

    කොහොමද ටිකිරි මොලේ?

Main News