හෙළුවැලි මිනිහෙක් මන්නයක් ඇතිව රාත‍්‍රියේ ඇවිදියි.. ප‍්‍රදේශයම භීතියෙන්..

July 25, 2018 at 10:00 am | lanka C news
හෙළුවැලි මිනිහෙක් මන්නයක් ඇතිව රාත‍්‍රියේ ඇවිදියි.. ප‍්‍රදේශයම භීතියෙන්..

රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ නිරුවතින් සැරිසරන ග්‍රීස්‌ යකෙකු නිසා හෝමාගම පනාගොඩ රණවිරු ගම්මානය, රොමියෙල් මාවත, පැළඳගොඩ, කපුරුගොඩ යන ප්‍රදේශවල කාන්තාවන් අඳුරු වැටීමෙන් පසු කලඑළි බැසීමට බියක්‌ දක්‌වන බව ප්‍රදේශවාසීහු පවසති.

මේ බව අතුරුගිරිය පොලිසියට දැනුම් දී තිබෙන බව පවසන ප්‍රදේශවාසීහු මාසයක පමණ කාලයක සිට එම ප්‍රදේශවලට මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද පවසති.

රාත්‍රී 7 ත් 10 ත් අතර හා අලුයම 2 ත් 5 ත් අතර මෙම නිරුවත් පුද්ගලයා අදාළ ප්‍රදේශවල සැරිසරා ඇති බව ඇතැම් නිවස්‌වෙල සවිකර තිබූ සී. සී. ටී. වී කැමරා දර්ශන ඔස්‌සේ සනාත වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලිවලට අනුව අතුරුගිරිය පොලිසිය මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම නිරුවත් පුද්ගලයා මන්නයකින් සන්නද්ධව විදුලි පන්දමක්‌ අතැතිව ගමන් කරන බවට කාන්තාවන් කීප දෙනෙකු දැක තිබෙන අතර එම කාන්තාවන්ගේ කෑගැසීමට අනුව ඔහු එකවරම අතුරුදහන් වන බවත් ඉන්පසු සොයාගත නොහැකි ආකාරයෙන් පලායන බවත් ප්‍රදේශවාසීහු පවසති.

– divaina

104 views

23 Comments to “හෙළුවැලි මිනිහෙක් මන්නයක් ඇතිව රාත‍්‍රියේ ඇවිදියි.. ප‍්‍රදේශයම භීතියෙන්..”

  1. Sanjeewa says:

    සමහර විට සිරා ද දන්නේ නෑ කඩුව අරන් ඇවිදින්නේ.කඩුවට කවුරුත් කැපුනෙ නැති නිසා කියපු කරපු දේවල් කරන්න බැරිවුන නිසා දැන් කොහොමත් ඉන්නේ හෙලුවෙන්නේ.

  2. agamulana MARAA says:

    Dollar ekkakwath horakam kalaa kiyala oppu unoth bella kapaa gannawa kiyapu kenaada danne nehe

  3. Francisco Almeida says:

    Eelanga janadipathi apekshakaya wiya yuthui. Heluwen awidinawanam ohuma thama !

  4. dimuthu says:

    oka sirisenaya wenna athi

Main News