හේතුවක් නොදන්වා ඇගළුම් කම්හලක් වසා දමයි..

November 10, 2020 at 4:40 pm | lanka C news
හේතුවක් නොදන්වා ඇගළුම් කම්හලක් වසා දමයි..

පයාගල ගාලු පාරේ ඇඟලුම්හලක සේවක සේවිකාවන් 160ක් පමණ අද(10) උදෑසන සිට ඇඟලුම්හල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වී සිටියි .

මෙම ඇඟලුම්හල් සේවක සේවිකාවන්ට නොදන්වා පාලන අධිකාරිය අද (10) එකවරම ඇඟලුම් හල වසා දමා ඇතැයි එම සේවක පිරිස් කියයි.

රජය ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය පෙරේදා (09) ඉවත් කළ පසු එදින එම ඇඟලුම් හල ද විවෘත කර සේවක පිරිස් එදින සිය දෛනික කටයුතු රාජකාරි කළ බවත් (10) දින උදෑසන සේවයට පැමිණියත් ආයතනය වසා දමා පාලනාධිකාරිය කිසිවකුත් පැමිණ නොමැති බව එම සේවක සේවිකාවන් කියයි.

ඇගලුම්හල ඉදිරිපිට සිටින සේවක සේවිකාවන් සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ පැළඳ සිටි අතර ඔවුන් පවසන්නේ ආයතනය වසා දමන්නේ නම් වසර 20 ක සිට සේවය කරන සේවක සේවිකාවන්ට සාධාරණ වන්දියක් ලබා දී ආයතනය වැසීමට කටයුතු කරන ලෙසයි.

තව දුරටත් ඔවුන් පවසා සිටියේ ඔවුන්ට සාධාරණයක් ඉටු කරන තෙක් මෙම ස්ථානයෙන් පිටව නොයන බවයි.

මෙම සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ වල හිමිකරුවන් ද මෙයින් පීඩාවට පත් වී ඇති බවත් ,තමන්ටද මාස තුනක ප්‍රවාහන දීමනා ගෙවා නොමැති හෙයින් තම බස් රථ වල ලීසිං ගෙවා ගැනීමට ද දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ඔවුහු පැවසීය .පාලන අධිකාරිය මෙලෙස එකවර මෙවැනි තීරණයක් ගැනීමට තමන්ටද සිදු කළ අසාධාරණයක් බව පැවසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

43,967 views

3 Comments to “හේතුවක් නොදන්වා ඇගළුම් කම්හලක් වසා දමයි..”

  1. Kgs basnayake says:

    Report to labour minister, pm, president
    Then also report to police.
    After that let us see

    • Mr එච් යු කන්නා says:

      වැඩක් නැහැ, ස ගේ සාක්කුවට චෙක් එකක් දැම්මාම බ්‍රැන්ඩික්ස් එකේ වගේ ඔක්කොම කෙස් යට. පුලු පුළුවන් විදිහට ලොක්කො අල්ලන් බෙල්ල මිරිකලා හරි කීයක් හරි හොයා ගන්න. පෙනෙන විදිහට මේක පාඩුවට දුවල තියෙන්නේ. වේලාව ආපු ගමන් ෂෝට් එක දීලා.

  2. රාජිත says:

    වැඩ බැරි ටාසන්ලට අපේ මොඩ මිනිස්සු සිංයො කියල රැවටුනානෙ.දැන් ඉතින් කරන්න දෙයක් නැ.69 ලක්ෂයක් කරපු ගොන්කමට රටම විදවපල්ලා.තාම අවුරැද්දයි.අවු 5 ඉවරවෙනකොට සාගින්නෙන් මිනිස්සු මැරෙන්නෙ.

Main News