හේමසිරිට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. අද CID එන්නම බෑ..

July 2, 2019 at 10:00 am | lanka C news
හේමසිරිට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. අද CID එන්නම බෑ..

හේමසිරි ප‍්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලු කර ඇත.

ඒ මහතාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙසේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

මේ අතර අද දිනයේදී රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට හා පොලිස්පති පූජිත් ජයසුන්දරට දන්වා තිබින.

ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

තමන් රෝහල්ගතව සිටින බවත් 08 වනදා පැමිණිය හැකි බවත් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දැනටමත් රහස් පොලීසිය වෙත දන්වා තිබේ.

68 views
Main News