හේෂාගෙන්-චමින්දගෙන් නිදහසට කරුණු විමසයි..

October 27, 2021 at 1:20 pm | lanka C news
හේෂාගෙන්-චමින්දගෙන් නිදහසට කරුණු විමසයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේශා විතානගේ යන මහත්වරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඔවුන් විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මේ සතියේ දී ඔවුන් කැඳවා කරුණු විමසනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සමගි ජන බලවේගයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය වාර්තා පලවී තිබිණි.

නමුත් තමන් කිසි විටෙක ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට යාමට අදහසක් නොමැති බවත් තමනට අවශ්‍ය පරිදි වැඩ කිරීමට නොහැකි නිසා ආසන සංවිධායක ධුරවලින් පමණක් ඉවත් වූ බවත් ඔවුන් විසින් මාධ්‍යට කියා සිටියහ.

32,560 views

4 Comments to “හේෂාගෙන්-චමින්දගෙන් නිදහසට කරුණු විමසයි..”

  1. ජගත් ජයවීර, මොරකැටිය says:

    හේෂා විතානගේ දිස්ත්‍රික් නායකකමි ඉල්ලන්නට පෙර, දැනටමත් අධිකරණයෙන් ඇපලබා සිටින නිසා තමුන්ට එරෙහිව ඇති, වංචා සහ අනුන්ගෙ ගොඩනැගිලි අල්ලාගැනීම සමිබන්ධයෙන් පවතින නඩුටික අවසන් කරගත්තොත් හොඳයි. මාධ්‍යට ගෝරනාඩු දැමිමාට මෙයා සත්ගුණවත් බෝපැලයක් නෙවෙයි. යහපාලනය කාලේ මුදල් අමාත්‍යාංශයෙ අධීක්ෂණ මන්ත්‍රී හැටියට ඉඳන් ගත්ත එතනෝල් පර්මිටිවලට මොකද උනේ? කියල හොයල බැලුවොත් හොඳයි. උප්පැන්න සහතිකයේ තිබුන තමුන්ගෙ මුල්නම වෙනස් කරගත්තෙ ඇයි? කියල රටට කීවොත් හොඳයි. නාකින් දේශපාලනයෙන් අයින්කරන්න කතාකරන ගමන් තවත් නාකියෙක්වන ජයතිස්ස රණවීර දේශපාලනයට ගේන්න කතාකරන දෙබිඩි ප්‍රතිපත්තිය ජනතාවට හෙලිකළ යුතුයි. පුංචිනිළමෙි UNP යෙන් ගියේ ඔහුට එරෙහිව තිබුන වෛද්‍ය ශිෂයින් තිදෙනෙකු ඝාතණයකිරීම සහ නාලන්ද එල්ලාවල ඝාතණ නඩුවලින් බෙිරෙන්න බව මොහුට කියා දිය යුතුයි. වෙනත් පක්ෂයක සිට ආවිගසම එම පක්ෂයේ දිස්ත්‍රික් නායකකමි දෙන්නෙ මොන පක්ෂයේද? කියා මොහුට කියාදිය යුතුයි. මෙවැනි මල්වෙඩි වගේ සෙප්පඩ විජ්ජාකාරයෝ ඔනැතරමි දේශපාලනයේ සිට මැකීගොස් ඇතිබව මූට කියාදිය යුතුයි. තමුන්ට එරෙහිව ඇති නඩුවලින් බෙිරෙන්න මූ රාජපක්ෂලාට සෙටිවෙන්න යනබව කවුරැත් දන්නා රහසක්.
    .

  2. නිමල් විජේනායක says:

    පහුගිය ඡන්දෙදි මනාප අරන්දෙනවා කියල හේෂා මටත් ඇන්දුවානෙ මල්ලි. මෙිවගේ එවුන්ට දිස්ත්‍රික් නායකකමි දුන්නොත් පාක්ෂිකයන්ට දෙයියන්ගෙම පිහටයි.

  3. ඌව අප්පුහාමි says:

    ඈ බං, බණ්ඩාරවෙල පොලේ වටිටක්කා ගෝනි කරගහපු චමින්ද වජේසිරිටත් දිස්ත්‍රික් නායකකමක් ඉල්ලනවද?

  4. මෙහෙමත් කටමැත දොඩන සතුන් says:

    පිම්බූවාට බඩ. ගෙම්බට බෑ වැඩ. ජංගිය ඇද ගත්තට කලූ පූක පේනව එලියට. ඕහ්…පස්ස නෑ බං.