හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..

October 26, 2021 at 9:20 am | lanka C news
හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..

සමගි ජන බලවේගය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන දෙදෙනා ආණ්ඩුවට සහය දැක්වීමට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ඔවුන් දෙදෙනා පක්ෂයේ දරන වගකීම්වලින් අක්‍රීය වීමට කටයුතු කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටී.

මේ සම්බන්ධයෙන් ඔවුන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වන්නේ යැයි දැනට කලකට පෙර සිටම වාර්තා පල වෙමින් තිබිණි.

රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප‍්‍රබලයන් අඩු වීම මත ඉදිරි මැතිවරණයකදී පාර්ලිමෙන්තු පැමිණීමට ඉඩක් ඇතැයි තක්සේරුව මත ඔවුන් මෙම තීරණය ගනු ඇතැයි එම දිස්ත්‍රික්කයේ දේශපාලන වාර්තාකරුවන් කියා සිටිති.

141,228 views

25 Comments to “හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..”

  1. bankaloth says:

    නියම වෙලාව හොඳ ගානක් කපාගෙන මාරුවෙන්න. දේශපාලුවන්ට තියෙන්නෙ අ සුබ අනාගතයක්.

  2. Niyamai Hesha & Chaminda Rajapaksala asoochi mirikanawata wadiye hoda nadda thamanma Reela iwarawela pasaa harila awulagena kagena kagena kagena yana eka. Me kathawa aththanama thopita chandacdayakayo unge ewa hari kawai.thank u

  3. On The Spot says:

    උන්නත් දාහයි මලත් දාහයි!!මේ දෙදෙනා ඉන්න තැන උන්නත් ආණ්ඩුවට පැන්නත් ඉන් ජනතාවට වන සෙතක් නම් නැත​.දාං ලෑල්ලේ ඉත්තන් දාං ලෑල්ල තුලම කැරකෙන්නා සේ මොවුන්ද සිටිය යුත්තේ දියවන්නා සභාවේමය​.දැන් කන කැන්ටිමෙන්ම කෑම කා,තීරු බදු රහිත වාහනයෙන් ගමන් යන​,අපේ බදු මුදලින් යැපෙන මේ සියලු දෙනාගේ කිසිදු වෙනසක් නැත​.කරන එකම දේ රටට බරක් වීම පමණි.

Main News