හේෂා-චමින්ද ඉල්ලා අස්වෙති.. අස්වීමේ ලිපි අගමැතිට දෙයි.. තවත් 20ක් අස්වෙන්න සැරසේ..
August 25, 2019 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ අධීක්ෂණ මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන මන්ත්රීවරුන් විසිදෙනකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා සඳහන් කළේ දැනට මන්ත්රීවරුන් 29 දෙනෙකු අධීක්ෂණ මන්ත්රීවරුන්ගේ ලෙස පත්කර ඇති බවත් එයින් විසි දෙනෙකු පමණ මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත්ය.
අධීක්ෂණ මන්ත්රීවරුන් ලෙස පත් කළ ද කිසිම කාර්යයක් පවරා නැති බවත් කිසිදු බලයක් නැති බවත් පෙන්වා දුන් මන්ත්රීවරයා දැනටමත් තමන් සහ චමින්ද විජේසිරි මන්ත්රීවරයා එම ධුරවලින් ඉල්ලා අස්වු බව ද පැවසීය.
ඉල්ලා අස්වීමේ ලිපි අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දුන් බවද ඔහු කියා සිටියේය.