හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු

June 19, 2019 at 3:23 am | lanka C news
හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට නොතිබූ මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසයි.

‘අපිට ලෝක කුසලානට එනකොට තිබුණේ ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය විතරයි. දැන් ආරම්භක පිතිකරුවන්ගේ ප‍්‍රශ්නයක් නැහැ ඔවුන් හොඳින් ක‍්‍රීඩා කරනවා. ප‍්‍රශ්නය තියෙන්නෙ මැද පෙළ පිතිකරුවන්ගෙයි. ඔවුන්ට ලකුණු ගහන්න බැරි අය නෙමෙයි නමුත් තරගයට ගියහම අවශ්‍ය වන මානසික ශක්තිය ඔවුන්ට නැහැ.’

ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග හතරක් ඉතිරි තිබේ. ඉන් පළමු තරගය ලබන 21 වැනිදා ලීඞ්ස් හිදී සත්කාර එංගලන්තය සමගින් පැවැත්වේ. එම තරගයේදී හෝ ශ‍්‍රී ලංකා මැද පෙළ ප‍්‍රශ්නය විසඳෙනු ඇතැයි අසන්ත ද මැල් විශ්වාසය පළ කර සිටියි.

‘‘අපේ මැද පෙළ ඉන්නේ අත්දැකීම් තියෙන පිතිකරුවන්. ප‍්‍රශ්නය තියෙන්නෙ ඔවුන් පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර නොසිටි එකයි. පුහුණුවීම් හොඳට කරනවා. ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදී තව ලකුණු 50 ක සබඳතා දෙකක් විතර ආවනම් අපි තරගය ජය ගන්නවා. අනෙත් එක තමයි අපේ පන්දු රැකීමත් හොඳ තැනක තිබුණෙ නැහැ. ඒ තරගයේදී ලකුණු 25 ක් විතර පන්දු රැකීමේ දුර්වලතාවයෙන් ඔස්ටේ‍්‍රලියාවට ලැබුණා. නුවන් ප‍්‍රදීප්ගේ අන්තිම ඕවර දෙකකට ලකුණු 40 ක් ගත්තා. ධනංජය ද සිල්වාගෙ අන්තිම ඕවරයට ලකුණු 20 ක් ගත්තා. ඒ ඕවර තුනට විතරක් ලකුණු 60 ක් ගියා. මම හිතන්නෙ මේ දේවල් අඩු කරගත්තනම් අපිට ඔස්ටේ‍්‍රලියානුවන්ව ලකුණු 300 කට අඩුවෙන් සීමා කරගෙන තරගය ජය ගන්නා තිබ්බා.’’

ශ‍්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග තරගය සඳහා සූදානම් වීමට මේ දිනවල ලීඞ්ස් බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් අද දිනයේදී පැය තුනක පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතය.

– divaina

25 views

11 Comments to “හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු”

  1. Dan says:

    වැඩිය ඕන නෑ අංකල්, එක වැදගත් මැච් එකක් දිනලා පෙන්නන්ට අපිට ආසාවට.

    අනික තමා, තමන්ගෙන් ඉටුවියයුතු දෑ පුද්ගලයෙක් මැරෙන්න කලින් කලයුතු ය.
    මැරුණට පස්සේ නිකන් අනික් මිනිස්සුන්ට පෙන්න සොබ්බේ දාන්නෙ නැතුව.
    රට වෙනුවෙන් යුද්ද කරපු දහස් ගණන් සොල්දාදුවෝ ඔහොම ගෙදර ගියානන් හොඳට තියේවි.
    දැන් කෙනෙක්ට කියන්න මේ යුද්දේ නෙවෙයිනේ නිකං මැච් එකක් දෙකක්නේ. එත් මේ අම්ම නෙමෙයිනේ.

    අනික මැච් එකකට විකට් එකක් ගන්න ඔච්චරම ඇඹරෙන්න ඕනද? ලොකු මාමා සැහෙන දෙයක් කලා අපේ රටට, අවිවාදයෙන්ම. එහෙම එකේ උන්දැට තුන්මාසේ දානේ ඉවරවෙනකම්ම ලංකාවේ ඉන්න දුන්නනම් තමා හොඳම.

    අනික තමා මම නැගී එන තරුණ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, විවාහ වෙනකොට හොඳ උගත් බුද්ධිමත් කුල කන්ත්තාවක් සොයාගන්නා ලෙස. නිකං මේ පොත්ත සුදු මොඩලස් ලා, ප්ලේන් එකේ කෑම අල්ලන නංගිලා තියාගන්න practice කරනොකොට බෝල දාන්න.

  2. dinesh says:

    Gedara waren ban rattu hinassanne nathiwa

    • විස්කි මැඩම් says:

      පසුගිය තරග ටික බලමු.
      1.) නවසීලන්ත තරගය
      දිමුත් 52, කුසල් 29 = 81
      අතිරේක = 11
      අනික් නව දෙනා = 44

      2.) ඇෆ්ඝනිස්තාන් තරගය
      දිමුත් 30, කුසල් 78 = 108
      අතිරේක = 35
      අනික් නව දෙනා = 58

      3.) ඕස්ට්‍රේලියා තරගය
      දිමුත් 97, කුසල් 52 = 149
      අතිරේක = 8
      අනික් නව දෙනා = 90

      කොච්චර දක්ෂයෝ හිටියත් වැඩක් තියනවද කණ්ඩායම තෝරන්නේ අන්දරේලා සෙට් එකක් නම්.
      කණ්ඩායමට වැඩ බැරි දාස කෙනෙක් හොර පාරෙන් දානකොට ඌව තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙස නම් කරණවා. හැබැයි උන්ට බෝල් කරන්නත් බෑ. බැට් කරන්නත් බෑ. ඔස්ට්‍රේලියාව වගේ විශාල රටක සැබෑම දක්ෂයින් අතරෙත් තුන් ඉරියවු ක්‍රීඩකයෝ ඉන්නේ 1යි නැත්නම් 2යි. අපේ තුන් ඉරියවු වැඩ බැරි දාසලා 6යි. මුන්ට බෝල් කරන්නත් බෑ. බැට් කරන්නත් බෑ. ඉතින් පරදින එක අහන්න දෙයක්ද?

      පිතිකරුවන් (5)
      1. දිමුත්
      2. කුසල් ජනිත් පෙරේරා – (විකට් කීපර්)
      3. කුසල් මෙන්ඩිස් – විකට් කීපර්)
      4. අවිශ්ක ෆර්නැන්ඩු
      5. ලහිරු තිරිමාන්න

      පන්දු යවන්නන් (4)
      1. නුවන් ප්‍රදීප්
      2. සුරංග ලක්මාල්
      3. ලසිත් මාලිංග
      4. ජෙෆ්රි වැන්ඩර්සේ

      තුන් ඉරියවු (6)
      1. ජීවන් මෙන්ඩිස්
      2. ධනංජය ද සිල්වා
      3. ඇන්ජලෝ
      4. තිසර පෙරේරා
      5. මිලින්ද සිරිවර්ධන
      6. ඉසුරු උදාන

  3. Nandasoma says:

    එක නම් කවුරුත් දන්නව…. ස්ථිර කණ්ඩායමක්, ස්ථාවරව දිගටම ක්‍රීඩා කලොත් අත් දැකීම් යොදා ගනිමින් යහපත් මානසිකත්වයකින් යුතුව ජය ගන්න පුලුවන් වෙයි….!

  4. Sun says:

    I am not a cricketer but the way they played was not very smooth. It means all have to be experts in their areas of the job.Coach has to provide the guide lines and moral support as a father, friend and and a teacher. All playing away from the country. The level of psychology is an important factor as they are away from families. Not very hard talk coordination but realistic way. Now watch and discuss the mistakes and learn. relearn how to tackle them. Unity within and follow. Not putting pressure but cordial direction. Selection to the team supposed to be the most critical point. Not for money principle my dear.

  5. KK says:

    මෙලෝ රහක් නැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට්…. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හරින්ගේ කට වගේ තමයි…. කයිය විතරයි වැඩ නෑ… just like a 3rd grade school team………..

  6. UNP GAL IBBA says:

    ඔය මැද පෙලද උඩ පෙලද යටපෙලද අපට අවෂ්‍ය නැත මොන පෙලෙ හරි පිතිකරුවන් තරඟ දෙක තුනකින් හැකියාව පෙන්නුම් කරන්න බැරිනම් උන්ව අයින් කරලා ගහන්න පුලුවන් අනිත් එවුන්ට දෙන එකනේ කෙරෙන්න ඕනා???
    බලපල්ලකෝ අර ඇෆ්ගන් කාරයන් උන්පැරදුනාට ෆුල් ෆයිට් එකක් දෙනවානේ??

  7. amanaya says:

    Manager can tell that to the Board. It is obvious to the cricket fans..
    How about green tops? Can they play on them ?

Main News