හොදින් හෝ නරකින් උපයා පිටරටවල ඇති මුදල් ලංකාවට ගේන්න.. කිසි ප‍්‍රශ්න කිරීමක් නැතිව පූර්ණ ආරක්‍ෂාව දෙනවා..- හොදම මුදල් ඇමති

April 28, 2017 at 12:00 pm | lanka C news
හොදින් හෝ නරකින් උපයා පිටරටවල ඇති මුදල් ලංකාවට ගේන්න.. කිසි ප‍්‍රශ්න කිරීමක් නැතිව පූර්ණ ආරක්‍ෂාව දෙනවා..- හොදම මුදල් ඇමති

හොදින් හෝ නරකින් උපයා විදේශ රටවල තැන්පත් කර ඇති මුදල් ආපසු මෙරටට රැගෙන එන්නැයි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ට ඇරයුම් කරන බව රවී කරුණානායක මුදල් ඇමැති මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඇමතිවරයා එහිදී සදහන් කලේ විදේශ විනිමය සම්බන්ධයෙන් වූ නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු එවන් මුදල් මෙරටට ගෙන එන්නන්ට පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවයි.

‘හොදින් හෝ නරකින් ඉපයු මුදල් ලංකාවට ගේන්න කියන එක වරදක්ද? ඒවා වැරදි ආකාරයට හම්බකලා නම් වැරැද්දක් තමයි. නමුත් එවැනි සල්ලි ගේන්න කියන එකේ වරදක් නැහැ. ලාංකිකයෝ ඇයි වෙනත් රටවල මුදල් තැන්පත් කරලා ඒ රටවල් පෝසත් කරන්නේ’ යයිද ඇමතිවරයා කීය.

207 views
Main News