හොද දේ හොදයි කිව යුතුමයි.. අගමැති රනිල්, ඇමති සාගල කුණු කන්ද ගැන කටයුතු කල ආකාරය දෙවරක්ම අගය කරනවා..

April 29, 2017 at 2:10 pm | lanka C news
හොද දේ හොදයි කිව යුතුමයි.. අගමැති රනිල්, ඇමති සාගල කුණු කන්ද ගැන කටයුතු කල ආකාරය දෙවරක්ම අගය කරනවා..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන් අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සාගල රත්නායක එහි ගොස් වගකීම භාර ගැනීම ඉහළින්ම අගය කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‘ජනතාවගේ හූ හඩ මැද මීතොටමුල්ලට ගිහින් ඇමති සාගල රත්නායක එහි අවශ්‍යතා සොයා බැලූවා. ඒ උත්සාහයත් මං අගය කරනවා. අපි හොද දේට හොදයි කියනවා. මා අගමැතිතුමා නිතර විවේචනය කලත් මේ කටයුත්තේදී මා නැවත වරක් ඔහු අගය කරනවා’ යයිද මන්ත‍්‍රීවරයා සදහන් කලේ මීතොටමුල්ලේ ප‍්‍රශ්නය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ වූ විවාදයේදීය.

55 views
Main News