හොම්බට අනිනවා කියු රන්ජන් වේලාසනම නිදොස් නිදහස්.. ප‍්‍රාදේශීය ලේකම්වරිය ගස් යවන්න පරීක්‍ෂණ තොගයක් ඇරඹේ..

February 1, 2017 at 1:20 pm | lanka C news
හොම්බට අනිනවා කියු රන්ජන් වේලාසනම නිදොස් නිදහස්.. ප‍්‍රාදේශීය ලේකම්වරිය ගස් යවන්න පරීක්‍ෂණ තොගයක් ඇරඹේ..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර ඇති වූ දුරකතන සංවාදයට මූලික වූ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් ගැන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාල සිදුවීමට විරෝධය පල කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පැවැත්වූ විරෝධතාවබ සම්බන්ධයෙන්ද වෙමන පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ 11/2015 චක‍්‍රලේඛය අනුය සියළුම රාජ්‍ය නිලධාරීන් ජනතාව විසින් සිදුකරනු ලබන දුක්ගැනවිලිවලට ඇහුන්කම්දිය යුතු වුවත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය එසේ සිදු කර නැති බවයි.

ජනතාව විසින් දුරකථනයෙන් හෝ සිදු කරනු ලබන පැමිණිලිවලට නිලධාරීන් ඇහුන්කම්දිය යුතු බවත් රජය විසින් උසස් රාජ්‍ය නිලධාරීන්ට දුරකථන දීමනාවක් ද ලබාදෙන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර රාජ්‍ය සේවා කොමිසම වෙත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව පැමිණිලි කරන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.

කෙසේ වෙතත් ‘හොම්බට අනිනවා.. හෙන ගහපං..’ කියමින් ප‍්‍රසිද්ධියේ ප‍්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදුනු රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති අතර ඉදිරියේදී ගැනීමට නියමිත සියළු ක‍්‍රියාමාර්ගද ඉලක්ක වී ඇත්තේ ප‍්‍රාදේශ5ිය ලේකම්වරිය හා රාජ්‍ය නිලධාරීන්ය.

20 views
Main News