හොරකම් කලොත් කණෙන් අල්ලා එලියට දානවා.. අපි ආදර්ශමත් පාලනයක්..- අගමැති
November 28, 2017 at 11:20 am | lanka C news
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් පසු පත් කරනු ලබන නව ප්රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හොරකම් කර අසුවුවහොත් කණෙන් අල්ලා එලියට දමන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
තමනට උවමනා වන්නේ හොරකම් කරන සභාපතිවරුන් නොව තම බල ප්රදේශය දියුනු කරන සභාපතිවරුන් නගරාධිපතිවරුන් බවද ඔහු සදහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව බල මණ්ඩලය අමතමිනි.
වත්මන් ආණ්ඩුවේ විවිධ චෝදනා එල්ල වූ ඇමතිවරුන් තිදෙනෙකුට බල්ලා අස්වන්නට සිදු වූ බවත් කී අගමැතිවරයා වැරදි කරන අය තමන් විසින් ඉවත් කරන බවද පැවසීය.
මෙවන් ආදර්ශවත් පාලනයක් මෙරට මීට පෙර නොවූ බවද අගමැතිවරයා වැඩි දුරටත් එහිදී පැවසීය.
ඔහම කිව්වට තරුණ සේවා සබාවේ අද්යක්ෂ කොලු සෙට් එක ගෙවල් දෙක තුන වෙන නම් වලින් අරගෙන තියෙනවා. උන් ගහන ගැහිලි දන්නේ අපි විතරයි. උඹලා ඔක්කොම එකයි. බෙල්වුඩ් ගම්මානයේ හොඳ හොඳ ගැහිලි යන්නේ