හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

January 19, 2017 at 6:48 pm | lanka C news
හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..

ඩුබායි මැරියට් හෝටලයේ නාමික හිමිකරුට හොරණ වෑගවත්ත රබර් කම්හලේ ඉඩම් බදු දී තිබෙන්නේ අක්කරයක් වර්ෂයකට රුපියල් 100 බැගින් බවත්,මේ නිසා සමස්ත අක්කර 100ක ඉඩමෙන් රජයට ඇමෙරිකානු ඩොලර් 384.900ක පාඩුවක් සිදුවන බවත් දුෂණ විරෝධී පෙරමුණ සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉඩම් බදු ලබාදෙනු ලැබුවේ අක්කරයක් ඇමෙරිකානු ඩොලර් 40.000ක බදු මුදලකට හා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 3850 ක අක්කර බදු මුදලකට බවද එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

එහෙත් මෙම කම්හලට අයත් ඉඩම් පැවරීමේදී අක්කරයකට අය කරගෙන තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 11.500ක් පමණක් බවත් එහිදී වාර්ෂික අක්කර බදු මුදල වී තිබෙන්නේ රුපියල් 100 ක් බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා එක් අක්කරයක් වෙනුවෙන් අය කරන බදු මුදල් යටතේ ශ‍්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 3.849ක පාඩුවක් සිදුවන බවත්, එය අක්කර 100කට ඇමෙරිකානු ඩොලර් 384.900 ක් බවත ඒ මහතා සදහන් කළේය.

මෙම පාඩුව වාර්ෂික බදු මුදල් පාඩුවක් බවත්,මීට අමතරව ඉඩම් ලබාදීමේදී ඩොලර් 40.000කට ලබාදිය යුතු ඉඩම් අක්කරයක් ඩොලර් 11.500කට ලබාදීම නිසාද රටට අතිවිශාල මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප‍්‍රබල අමාත්‍යවරයෙකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බවත් විදේශ සමාගමකට මේ ආකාරයට සහන ලබා දී තිබුණද දේශීය සමාගම්වලට ඉඩම් ලබාදීමේදී කිසිදු සහනයක් ලබානොදෙන බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කළේය.

දේශීය සමාගම් දෙකකට ආයෝජන මණ්ඩලය යටතේ ඉඩම් ලබා දී තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 40.000 – 80.000 වැනි අධික මුදලකට බවද කී හෙතෙම රබර් කම්හලේ ඉඩම් පැවරීම යටතේ වසර 12කට මෙම බදු සහන ලබාදීමට නියමිත බවද සදහන් කළේය.

– Ada

0 views

4 Comments to “හොරණ ටයර් කම්හලට අක්කරයක් වසරකට රු.100 බැගින් අක්කර 100ක් දීලා.. රජයට මහ අලාභයක්..”

  1. Anjanm devi says:

    Ane ekata moko? Rubber ne? daagena adimu. Uramu. rassawata..narka naha ne mage mole….tikiri mole…hondayi bogambara wewata?

    • alaya says:

      මේ නිවුස් එක හරියට පැහැදිලි නෑ …සෑම ඉලක්කමකම තිත තියල තියෙන්නේ කොමාවක් එන්ඩ ඕන තැනටයි කියලයි මට හිතෙන්නේ…….තිත නිසා ගණන් හිලව් හරියට තේරුම් ගන්ඩ බෑ

  2. රාහුල කොලුවා says:

    යකෝ රුපියල් 100 කට බත් පැකට් එකක්වත් ගන්න බෑ… අක්කරයකට රු. 100 ක්….?

  3. sakunathalaa says:

    Umablaa davi adivi anthimata pimba pimaba thata aran ispirithaalawala yanna wenne apata ne? Thuh..Nodakin…

Main News