හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මරණවල වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය..

April 20, 2018 at 8:02 am | lanka C news
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මරණවල වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය..

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීමේ වගකීම පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා භාරගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

හොරණ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය 5 දෙනාගේ වටිනා ජීවිත වල වගකීම සෘජුවම පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා භාරගතයුතු බව අප සංවිධානය තරයේ ප්‍රකාශ කරමු.

මෙවැනි කර්මාන්ත ශාලා පිළිබදව සොයා බැලීම කලයුත්තේ ජනාධිපති වරයා යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරීයයි. මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ වංචා පිළිබදව අප සංවිධානය විසින් ජනාධිපතිවරයාට කිහිපවිටක්ම පැමිණිලි කලද එම පැමිණිලි වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.මෙරට මාධ්‍ය ආයතන පවා මෙම කර්මාන්ත ශාලාව ඇතුළු තවත් කර්මාන්ත ශාලා පිළිබදව නොයෙක් වර හෙළිදරව් කර ඇත .

සමහර කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පරිසර සහතික ලබා ගෙන නැති අතර තවත් කර්මාන්ත ශාලා පරිසර සහතික ලබා ගෙන ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට අල්ලස් ලබා දී මෙන් බව අප වගකීමෙන් පවසන්නෙමු.

පාලකයන්ගේ වැරදි වලට ජනතාව දඩුවම් විදින යුගය වහා නැවත් වීමට රජය කටයුතු කල යුතු අතර අදාල කර්මාන්ත ශාලාවේ ඇති වූ සිදුවීමට ජනාධිපතිවරයා කණගාටුව ප්‍රකාශ කිරීමෙන් හෝ වන්දි ලබා දීමෙන් පමණක් නොනැවතී මෙරට කර්මාන්ත ශාලා වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මධ්‍යම පරිසරි අධිකාරියේ දූෂණ වංචා පිලිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙසත්  අප ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

140 views

7 Comments to “හොරණ රබර් කර්මාන්ත ශාලාවේ මරණවල වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුය..”

  1. Kadiya says:

    තමුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය වන ජනාධිපතිකම කිරීමට නොහැකි මේ මෝඩ මනුස්සය බැරි බැරි ගාතේ පරිසර ඇමතිකමක් එල්ලාගෙන ඒකත් අවුල් ජාලයක්කරලා. මොහුගේ නොහැකියාව අඳුනා ගත්ත මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලබාදී තිබුනේ යටත් විජිත පාලනයේ සිට හොඳ පරිපාලන ක්‍රම ගොඩනැගී තිබූ අමාත්‍යංශ. ඒ නිසා ඒවා කඩා නොවැටී ක්‍රියාත්මක වුණා. පරිසර අමාත්යංශය 1980 පමණ සිට පැවත එන එකක්. සිරිසේන දන්නේ වාචාල කමට කියවන්න විතරයි. ශ්‍රී ලංකා වාසීන්ගේ අවාසනාව තව මාස 16 පමණ තිබෙනවා.

  2. chamara says:

    Factory eka open kale 2015 passe Nam Maithreepala janadipathi waga kiwa yuthui. Eth me factory eka open korala tiyenne 2015 Kalin. Ethakota kohomada maithreepala janasipathi waga kiyanne. Factory ekak start karanakota balapathra laba gatha yuthu uwat pawatwagena yanakota balapatha gatha yuthu yay neethiye kothanakawat sadahan wanne NE. Namut paminillak lebunot vibhaga kereemata awasara etha. Thman darana deshapalana mathaya kumak uwat, me wage pahat pele niwedana nikut kireemen wenne anunge heluwa hoyannata gos thmange heluwa ratata penweemaya…

  3. Karu says:

    මේකට ලැබෙන්නේ (නිකං ආචාරිය ) මැරවින් තියරිය.මැරුණ මිනිහායි වැරදි කාරයා.

  4. Mali says:

    All these permits when issued should be assessed by an expert committee but ours all these people from MP s to secretaries are there to get as much as possible money while in power so we will not have any future.Health ministry is running because of the years- long tradition of doctors having and training by superior consultant’s ethics. But it is also deteriorating because of JVP politics of Jealousy.

  5. Hewage says:

    This is simple. come and see Piliyandala police area. More than 200 illegal garages are operating under full blessing of Police and CEA. Even court closed garages also operating same Police area under full protection of police. Come and Piliyandala. Garages are the main cause for cancer and many other non-curable deadly illnesses.

  6. Open mind says:

    දේශපාලන අතකොළු නොවී පිහිටුවා ගත් සංවිධානයක් වූවා නම් කොච්චර අපූරු ද?

  7. indhika says:

    ජනාධිපති මොන රෙද්දක් කරන්නද ,පරිසර එකේ ..ලේබර් එකේ ඉන්නෙ ජරා පප්පලා.ගෑනු පිරිමි කියා වෙනසක් නෑ.
    රබර් කර්මාන්තශාලා ගැන දන්න අයට කියන්න පුලුවන් මෙහි ආරක්ෂාවත් නෑ කියලා.උන් රාජකාරිය හරියට කරනවානම්
    මේ වගේ අනතුරු වෙන්නෙ නෑ.

Main News