හොර්ටන්තැන්නේ ගෝනුන්ගේ සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ පාවෙයි….

August 20, 2022 at 2:09 am | lanka C news
හොර්ටන්තැන්නේ ගෝනුන්ගේ සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ පාවෙයි….

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි.

සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් කියා සිටියේ.

අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් අතිකර අත්හැර දමා ඇති දඩයම් සදහා පුරුදු කර ඇති සුනඛයින් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බවයි ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටින්නේ.

කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වන විට අඹේවෙල ජලාශය මත නරක් වි පාවෙමින් පවතින බවත්, පවත්නා තත්ත්වය මත එම ජලාශයේ පරිසර විනාශයක්ද සිදු වි ඇති බවයි ධිවරයින් කියා සිටින්නේ.

අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය වැලිමඩ රෙන්දපොල සහ තලවකැලේ ප්‍රදේශයේ පානිය ජලය සහ වගා කටයුතු සදහා භාවිතා කරන බවත්,මේ පිලිබදව වනජිවි නිලධාරින් දැනුවත් කර තිබුණද ඒ සදහා මෙතෙක් එම නිලධාරින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අඹේවෙල ජලාශයේ ධිවර රැකියා වල නිරතව සිටින ධිවරයින් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

28,885 views

8 Comments to “හොර්ටන්තැන්නේ ගෝනුන්ගේ සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ පාවෙයි….”

  1. Power says:

    “පවත්නා තත්ත්වය මත ජලාශයේ දැඩි දුගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයින් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අඹේවෙල ජලාශයේ ධිවරයින් වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.”

    මොන බම්බුවකට වෙනත් ප්‍රදේශයකට රැගෙන යන්නෙ. ඒ පැතිවල ඉන්න අහිංසක සත්තු ටිකත් මේ දඩ බලන්නට කියලා මරවන්ද. කතා දෙකක් නෑ. ඔය බල්ලෝ ටිකට වෙඩි තියලා මරලා දාන්න.

  2. Lalla says:

    හොඳ වෙලාවට ඔය සිද්ධීන් වෙනකොට ගෝඨා බලයේ නොහිටියෙ, නැත්නම් ඕකටත් බැණුම් අහන්ඩ වෙන්නෙ ගෝඨාට.

  3. අංගොහාමි says:

    හෝමාගම මුවන්ට පිස්සු බලු රෝගෙලු
    මේ සත්තුත්ටත් ඒකමද ?

  4. Lalla says:

    දඩයම් බල්ලන් ඇතිකල දෙපා බල්ලන්ව බල්ලෝ ඉන්න තැන පෙන්නන්න එක්ක යන්න පොලිසිය උනන්දු කරවන්න…. උනුත් ගැඹුරු ජලාශයට පැනල යයි… ප්‍රශ්නය
    ඉවරයි…

    • Indrajith says:

      ඔව්‍ ඔය බල්ලෝ පුහුනුකල දඩයක්කරයින්වත් ජලාසයටම තල්ලු කරල දාන්න ඕනෙ.

  5. D P P Prasad says:

    It is very pathetic to hear that no of sambar deers are found dead due to the attack made by the hounds. Normally the hounds are trained by the hunters for their poaching purposes.Hence we have ascertain as to why the hounds are allowed to enter Ambewala reservoir by the wildlife officers. Since this reservoir is also a part of Hotonthanna national park. Further any trespass made by any person to a national park is also a punishable offence. Under the pretext of obtaining the water from the reservoir certain persons have an ability to administer the poison to the innocent animals. Therefore these deaths are suspicious we urge the wildlife department top officers to hold an inquiry to find out the actual happening and the carcasses of the dead animals should be subjected to a thorough medical examination

  6. SL says:

    හිතන්නත් හිරිකිත හිතෙන තරම් ආත්මාර්ථකාමී ,කුම්මැහි ,මුදලට ගිජු මිනිස්සු ඉන්න රටක තමන්ගේ පොලවේ නිදහසේ ඉන්න සත්තු ටික දිනෙන් දින මැරිලා විනාශ වෙලා යනවා. අලි ,කොටි, මුවෝ, ගොන්නු ,……………..

  7. RITIGALA says:

    pahara kalakanni pawkara hathikare…..me dadayam karana wasalayo ahu wena thanaka marala danna SNIFER team ekak yodawala hari asarana wana sathun bera ganna barida palakayanta.sathekutawath jiwath wenna sudusu nathi mini kannannge deshayak me rata dan.

Main News