හොරුන්ව බලයට ගේන්න හමුදාව කුමණ්ත්‍රණ කරන්නේ නෑ..

November 22, 2016 at 3:50 pm | lanka C news
හොරුන්ව බලයට ගේන්න හමුදාව කුමණ්ත්‍රණ කරන්නේ නෑ..

සෑබෑ රණවිරුවා හොරුන්ව බලයට ගේන්න හමුදා කුමණ්ත්‍රණ කරන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වෙන්නවත්ත හා කොටුවිල පන්සල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරිමේ උත්සවයකදීය.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

‘දිනේෂ් මහත්තයාගෙන් පසුගිය දවසක හිතේ තිබුණු  වචනය එලියට පැන්නා. හමුදා කුමන්ත්‍රණ කරලා බලය ගන්නේ කොහොමද කියලා. ඒ තුළ තියෙන්නේ දැනට වැටිලා තියෙන නඩු වලින් බේරෙන්න සහ නැවත හොරකම් කරන්න බලය ලබා ගැනිමේ අරමුණයි. මතක තබා ගන්න සැබෑ දේශප්‍රේමීන් ආදරේයි මේ රටේ රණවිරුවන්ට හා පොලිස් නිලධාරීන්ට. දේශප්‍රේමී සළුව ඇතුලේ ඉන්න හොරු කැමති රණවිරු ලේබල් එක ගහගෙන හොරකම් කරන මිනීමරණ හා දූෂණය කරන අයටයි. ඒ නිසා යුද්ධයේ ජයග්‍රහණයේ ගෞරවය සැබෑ රණවිරුවාට ලබා දෙන්න නම් ඒ සැබෑ රණවිරුවාට වටිනාකමක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම රණවිරු මුවාවෙන් වැරදි කරලා තියෙන අයට දඩුවම් දෙන්න ඕනේ. නමුත් 2009  යුද්දේන් පස්සේ යුද්දෙට මුවාවෙන් කරපු මගඩි මීනීමැරුම් හොරකම් ඝාතන, මාධ්‍ය ආයතන ගිනි තැබීම් වලට අපි විරුද්ධයි. ඒ නිසා සෑබෑ රණවිරුවා ඔය වැරදි කරපු අයව බලයට ගේන්න ඉඩ දෙන්නේ නෑ කියලා විශ්වාසයි

තවදුරටත් මේ රටේ පවතින ණය සම්බන්ධවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

මේ අවුරුද්දේ විතරක් ණය වාරිකය රුපියල් බිලියන 1209 ක් ගෙවන්න තිබෙනවා.  මේකෙන් බිලියන 647ක් වාරික මුදල් ලෙසද , ඉතුරු බිලියන 562 කම් පොලිය ලෙසයි අපි ගෙවන්නේ. ගමේ වැල් පොලීකාරයෙක්ගෙන් ගත්තා වගෙයි වෙලා තියෙන්නේ. අද බිලියන 1209 යි. රාජපක්ෂ ආණ්ඩුව අරගෙන තියෙනවා 2038 වෙනකම් ණය. කාට ගත්තේ හම්බන්තොට සුදු අලින්ටයි. 2021 අවුරුද්ද වෙනකොට බිලියන 3000 වඩා ණය වාරික ගෙවන්න වෙනවා.  මේවා මැඩගෙන ක්‍රමානුකූල ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ගිහින් රට දියුණු කරන්න අපි කටයුතු කරනවා’

– මිනුර රෂාන්ත

13 views