හොරු රට යවලා ගොවීන්ට එලව එලව ගහනවා..- මෛත‍්‍රී කියයි..

March 2, 2018 at 4:40 pm | lanka C news
හොරු රට යවලා ගොවීන්ට එලව එලව ගහනවා..- මෛත‍්‍රී කියයි..

වර්තමාන ආණ්ඩුව රට කොල්ල කාපු හොරුන්ට රට යන්න අවසර දීලා ජාතියට බත සපයන ගොවි ජනතාවට එලව එලව පහර දෙන තත්වයට පත්වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමිනි.

“මේ ආණ්ඩුව ඇවිත් කරපු කිසිම සංවර්ධන වැඩක් නැහැ,අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවල තිබුන ආර්ථික කළමනාකරණ කමිටු අද වෙනකොට ජනාධිපතිතුමා විසුරුවා හරින්න කියල නියෝග කරලා.ඒ ආර්ථික කමිටුවේ හිටපු අගමැතිවරයා ඇතුළු සියලු දෙනා අවුරුදු තුනක් තුල කරපු ආර්ථික සංවර්ධනයක් නැහැ.කරපු එකම දේ මහා බැංකුව කොල්ලකාපු එක සහ හොරුන්ට රටෙන් පැනලා යන්න ඉඩ සලස්සපු එක විතරයි.

කළුතර දිස්ත්‍රිකයේ අගලවත්ත ටයර් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා.එක සම්පුර්ණයෙන් අසාර්ථක වුනා.කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවා කිව්වා,එකත් අසාර්ථක වුනා.පසුගිය ආණ්ඩුව කරපු ව්‍යාපෘති වලට බැන බැන ඉදලා දැන් ඒ චීන ආධාර ව්‍යාපෘති ටිකම දිගටම ඇදගෙන යනවා ඊටත් වඩා වියදම් කරලා” යනුවෙන් ගුණරත්න මහතා පැවසිය.

තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,

“පසුගිය දවසේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවින් උද්ඝෝෂණයක් කරා,ඒ සාධාරණ අයිතිවාසිකමක් වෙනුවෙන් රාජාංගනය වැවෙන් අක්කර 17000 ගොවිතැන් කරන ගොවීන්ට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් හදන්න මේ රජය කටයුතු කිරීමට විරුද්ධව.නමුත් මේ රජය ඒ ජනතාවට පහර දීල ඔලු පලලා පාර දිගේ එලව එලව පහර දෙනවා.

අගමැතිවරයා පොලිසිය භාර ඇමැති වෙලා සතියක කාලයක් යනකොට මේ රටේ ගොවි ජනතාවට සලකන විදිය මේක නම් අපේ රටේ ජීවත්වෙන සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට විසදන විදිය අපට හිතාගන්න පුළුවන්.අපිට මතකයි අගමැතිවරයා මහා ජනතාව ලගට ඇවිත් ප්‍රකාශ කලේ පැරකුම් යුගයක් ආරම්භ කරන්න තමන්ට බලය දෙන්න කියලා,දැන් අපි අහනවා මොන පරාක්‍රමබාහුද විදේශ සමාගම්වලට රටේ වැව් විකිණුවේ කියලා.

අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා,පොහොර සහනාධාර බෙදන එක අද සම්පුර්ණයෙන් අවුලක් කරගෙන.දැන් පොහොර මිටියක් වෙනුවට සල්ලි දෙන්න යනවා.අපි එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට කියනවා මේ රටේ ජාතියට බත සපයන ගොවි ජනතාවට පහරදීලා මේ ආණ්ඩුව ගෙදර යන්නයි මේ සුදානම් වෙන්නේ කියලා.සැබෑවට ගොවි ජනතාවගේ ප්‍රශ්න හදුනාගෙන ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ජනතාවට කදුළු ගෑස්,බැටන් ප්‍රහාර දෙන්න හදනවා නම් අපි මේ ආණ්ඩුවට හා අගමැති වරයට කියනවා ගෙදර යන්න සුදානම් වෙන්න කියලා” යනුවෙන් සදහන් කළේය.

– කේ.ටී.දර්ශන

22 views

5 Comments to “හොරු රට යවලා ගොවීන්ට එලව එලව ගහනවා..- මෛත‍්‍රී කියයි..”

  1. cw says:

    No point crying now. You supported to oust MR’s govt. Go in front of a mirror and see the culprit for youself

  2. Niran says:

    It is not only the police who assaulted the farmers who were protesting but also civilian thugs wearing helmets and carrying poles. This was clearly seen in the video footages. How did they come there? This was an unlawful act committed in front of the police for which they should have been arrested. The police only arrested the farmers. What kind of justice is this?

  3. Pal says:

    This man is on a contract to divert some anti government votes to his side to help Yahapalana government.
    We have to be very careful.
    The regime changers now on a different hidden agenda..

    If he is against the existing government he need to join Pohottuwa to make the anti government campaign more strong…

    Red Elephants , This guy and are same..

  4. Kapila says:

    Unp. Ye. Oba. Wage. Maanawa. Dayaawen. Wedakarana. Mytreela. Elawa. Daala
    Slfp. Eke. Wisa. Ghora sarpayek mytree. Kiyala. Balayata. Genaawe. Ookataa. Tamai

  5. Saman says:

    Muta thawath kurudu polu tikeak onewage.

Main News