හොරෙක් වෙනුවට අලූත් හොරෙක් නෑ.. පත්වීම අවලංගුයි..

May 10, 2018 at 6:48 pm | lanka C news
හොරෙක් වෙනුවට අලූත් හොරෙක් නෑ.. පත්වීම අවලංගුයි..

පසුගිය 04 වැනිදා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කරන ලද අනුරුද්ද පොල්ගම්පල මහතාගේ පත්වීම වහාම අවලංගු කර ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහුට එල්ල වී ඇති දුෂණ වංචා චෝදනා හේතුවෙන් මෙම පත්වීම අවලංගු කරන්නට ඇතැයිද වාර්තා වෙයි.

අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්දනාගාර ගත කර සිටින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක වෙනුවට පත් කර ඇත්තේ ඔහුටත් යා හොරෙක් යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා චෝදනා කලේය.

පොල්ගම්පොල මහතා අවස්ථා කිහිපයකදීම අල්ලස් ගැනීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගතව සිටි අයෙක් යයිද දැව සංස්ථාවේ නව සභාපතිවරයා හිටපු සභාපතිවරයාටත් වඩා හොරෙකු බවද මන්ත‍්‍රී හදුන්නෙත්ති මාධ්‍ය හමුවකදී කීය.

98 views
Main News