හොරෙන් ගවයින් ප්රවාහනය කල පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…
July 12, 2018 at 8:02 am | lanka C news
මුලතිව් සිට ත්රීකුණාමලය දක්වා නීතිවිරෝධීව ගවයින් 06 දෙනෙකු කැබ් රථයකින් ප්රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය කියා සිටියේය.
මුල්ලියාවලේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් රාත්රියේ සිදු කරන ලද මාර්ග සෝදිසි කිරීමකදී අදාල කැබු රථය ධාවනය වී ඇති අතර එහිදී කැබ් රථයෙන් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය දැක පලා ගොස් ඇති අතර කැබ් රථය පදවාගෙන පැමිණී සැකකරු වූ අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
කැබ් රථය නවතා කරන ලද පරික්ෂා කිරීම් වලදී අනවසරයෙන් ගවයින් 06 දෙනෙකු පටවා මෙම කැබ් රථය ධාවනය කොට ඇති අතරම අදාල පොලිස් නිලධාරියා පුදුකුඩිඉරිප්පු පොලීසියට අනියුක්තව සේවය කරන්නෙකු බවටද අනාවරනය වී ඇත
– වන්නි රොමේෂ් මධුෂංඛ
පොලීසියේ අයගෙන් වැඩි පිරිසක් හොරු, ජාවාරම්කාරයො, දේශපාලඥයින්ගෙ අතකොළු වෙලා. පොලිසියෙ ලොක්කන්ගෙ වත්කම් හෙව්වොත් මුන්ට සල්ලි හම්බවෙච්ච විදිය හොයාගන්නවත් බෑ. මුන් ජීවත්වෙන්නෙ තනිකරම ජාවාරම්කාරයන්ගෙන් ලැබෙන මුදල්වලින්.
කතාව ඇත්ත ..අරක්කු බෝතලේට පගාවට තමයි වැඩි දෙනෙක් .රාජකාරිය කරන්නේ …119 වල වැඩි දෙනෙක් එවැනි පුද්ගලයෝ ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුයි පොලිසියේ අවංක නිලධාරීන්ටත් ඔවුන් නිසා අත්වන්නේ අවමානයක්
පාර්ලිමේන්තුවේ හරක් ද බං?
ඕකත් අහන් න දෙයක්ද ? දියවන්නාවේ ඉන්නේ මි හරක් ,ගොන් හරක්නේ ..රට අගාදයට යන්නේ එනිසානේ …ගොන්පාලනේ නිසානේ
POLICE YEN WADAK KUOTH HARRAK WADAK EKATA PARLIAMENT HARAKEKA INNAWAMAI
සෑම සතෙකුගේම ජීවිතය එක සමාන බව සැබවි. බුදු රජාණන් වහන්සේ ධම්මපදයේ දක්වා වදාළ පරිදි සියල්ලෝම ජීවිතයට ප්රිය වන්නේ ය. මරණයට බිය වන්නේ ය. අහිංසක සිව්පාවන් ද එසේම ය. එසේ නම් අප ඔවුන්ට අනුකම්පා නොකළ යුත්තේ ද ? ගවගාතනය වහාම තහනම් කරනු
පොලිසියට හරි හමන් පඩියක් දුන්නොත් ඔය හොරකම් කරන, පගා ගහන, කප්පන් ගන්න පොලිස් නිලධාරීන්ගෙන් භාගයක් ඒ ගොඩෙන් ගලවා ගන්න පුළුවන්. පොලිසියේ ඉන්නේ රොබෝලා නෙවෙයි, උනුත් මනුස්සයෝ. තමන්ගෙන් යැපෙන්නන් පෝෂණය කරන්න ඕන. දරුවන්ට උගන්නන්න ඕන. ගෙයක් දොරක් හදා ගන්න ඕන. ත්රිවිධ හමුදාවට ගෙවන සලාක දීමනාව පැය 24ම මහමග දුක් විදින මේ මිනිස්සුන්ටත් ලබා දෙන්න බැරි ඇයි? ඒක ලබා දුන්නොත් මේ අයට ඒක ලොකු සහනයක් වේවි.