හොරෙන් මැණික් ගරන්න ගිහින් අධි බලැති විදුලි රැහනක පැටලී මිය යයි.. ඔහුට කොරෝනා..

June 3, 2021 at 2:02 am | lanka C news
හොරෙන් මැණික් ගරන්න ගිහින් අධි බලැති විදුලි රැහනක පැටලී මිය යයි.. ඔහුට කොරෝනා..

බගවන්තලාව කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරිමට ගොස් සතුන් දඩයම් කිරිම සදහා ඇද තිබු අධි බලැති විදුලි රැහක පැටලි ඉකුත් (30) දින මිය ගිය තිදරු පියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවට දික්ඔය මුලික රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණයට ප්‍රථම සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි (01) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

අධි බලැති විදුලි රැහනක ගැටි මෙසේ ජිවිතක්ෂයට පත් වුයේ බගවන්තලාව පහල කොටසේ පදිංචිව සිටි සෙල්ලප්පන් සංකර් නැමති (46) හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තවත් පිරිසක් සමග ඉකුත් (30) දින රාත්‍රියේ අනවසරෙන් මැණික් ගැරිමට යාමේදි එම රක්ෂිතයේ රාත්‍රි කාලයේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් රක්ෂිතය හරහා ඇද තිබු විදුලි රැහනක පැටලි විදුලි සැර වැදිමෙන් එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්විය.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කිරිමෙන් පසු මරණකරුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු  වු නිසා මරණකරුගේ පවුලේ සමාජිකයන් සහ  මරණකරු සමග අනවසරෙන් මැණික් ගැරිමට ගිය පුද්ගලයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,070 views

One Comment to “හොරෙන් මැණික් ගරන්න ගිහින් අධි බලැති විදුලි රැහනක පැටලී මිය යයි.. ඔහුට කොරෝනා..”

  1. බොරුවා says:

    කොරෝනා පරීක්ෂන බොරුවක්. 65% නිවැරවියි

Main News