හොර අඹුවක් හෝටල් කාමරයට ගෙන්න්න හැදු ක්‍රීඩකයා ගැන තිසර පෙරේරා හෙලි කරයි..
January 17, 2021 at 10:02 pm | lanka C news
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ක්‍රීකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා ප්‍රතිචාර දක්වයි.
ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම් ගැන සඳහන් කරමින් ඔහු විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිලිබද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කලා.
ඔහු සදහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිලිබදව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිලිගත් සම්ප්රදාය නොවුනත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබදව සත්‍ය ප්රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.
2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහූගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.
එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලෙමි. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි
(Discipline). කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී . . . මා එදා එයට එකගවූවේ නම් සහය අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුල තබා ගැනීමට ඉඩ දීම ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි.
මේ කතාවේ සත්‍ය මෙපමණයි.
කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුල තිබුය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කන්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.
හැමදේම දක්ශතාවය මත පමණක්ම තීරනය නොවේ. මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි.
අපගේ ඡේෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම ; බිරිද , දරුවන් හැර වෙනත් පිටස්තරයින් සoචාරයක් තුල හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනිය.
ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට( Players’ Dressing Room) ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කලමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි. මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන් හට පැවසූවාද නැද්ද යන්න හොදම පිලිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලගයි.
ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.
එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි .
මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණකි. නමුත් එය කිසීසේත් එලෙස සිදු නොවූවකි.
කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
– තිසර පෙරේරා FB
යකෝ බලාගෙන යනකොට මුන් දෙන්නම එකයි .එකෙක් ගෑනි දිල ටීම් එකේ හිටිය . අනික ගෑනියක් අරන් ටීම් එකෙන් ගියා .ක්‍රිකට් බල්ලට ගියා .
Sri Lanka Cricketers = Nightclub Drunkard Pimps.
කතෝලික පාසැල් වල හැදෙන උන්ගේ මහ අසික්කිත විනයක් තියෙන්නේ . උන් ලංකාවේ ක්‍රිකට් කෑවා . කාලකන්ණි .
Well said compared to 1996. There is no discipline at all.
මුන් අපිට පිස්සු වට්ටනවා.
Ane pala polburuwa thope 2.50 ganunge wada nisa kandayama winasawenawa dan enawa wikara boru kiyanta
Mona amathi hitiyath wadak na issarawela me inna kandayama okkomala ainkaranna ona mun mekath burupitiyak karagena inne anika atham thiranaganne palakamandalayada nathnam munge ganunda
කොහොමත් අපි ආදරෙන් බලපු ක්‍රිකට් තොපි එපා කරා. දැන් ටීම් එකෙ ඉන්න සේරම සල්ලි පස්සෙ දුවන පිරිමි ගනිකාවෝ. තොපි සල්ලි වලට මුන්ගෙ ගැනුන්වත් විකුනන පිම්පියො. එක අතකින් ලoකවෙ ප්රෙක්ෂයන්ටත් (මම ඇතුලු) හොද වැඩේ කොහෙද යන කබ්බන් ව ෆෝම් කරනවාට
Munge cricket balana api gonnu. Lankawe cricket aba saranayi
ලංකාවේ ක්‍රිකට් බල්ලට ගිහිල්ලා .බල්ලෝ ක්‍රිකට් ගහනවා 1996 ටීම් එක් කොහොමද දැන් එවුන්ට පිස්සු උනුත් ලංකවේ දේශපාලනය කර එවුන් වගේ
The curse is on Kusal 0000 Mendis now for running over killing an innocent cyclist & leaving him for dead after a night out.
The $$$$ intoxicated Curse….. kick this bugger too out of cricket too.
We were let down again in Galle….
We could not save the match. For the cricketers its fun. Whether win or loose they get almost a million ruppee match fee.
WE HAVE TO GIVE OUR TIME TO WATCH AND THEN SULK
THESE BUGGERS PLAY FOR $$$ AND NOT FOR THE COUNTRY AND THEIR CRICKET FOLLOWERS.
Need to chase Asantha De Mel too from post of Chief selector.
Namal baby, kick your damn Cousin Asantha de Mel from the post.
Team එකේ discipline හදන්න විශ්‍රාමික major කෙනෙක් පත් කරන්න. Tools පාවිච්ච් කරලා database එකෙන් data හොයාගන්න පුලුවන් කෙනෙක් නම් වඩා හොදයි…