හොර අරක්කු නිශ්පාදනාගාරයක් වටලයි.. අවුරුදු 16ක සැකකරුවෙකුත් අත්අඩංගුවට..

February 13, 2019 at 2:05 am | lanka C news
හොර අරක්කු නිශ්පාදනාගාරයක් වටලයි.. අවුරුදු 16ක සැකකරුවෙකුත් අත්අඩංගුවට..

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් වටලා නීතිවිරෝධී මත්පැන් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව එහි විශේෂ වැටලීම් ඒකකය හා ධර්මපුරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පුලියන්පොක්කනෙයි කැලෑවක පවත්වාගෙන ගිය අදාල නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනාගාරය වැටලීම සිදු කොට ඇත.

අදාල වැටලීමේදී ගෝඩා බැරල් 4ක් කසිප්පු කෑන් 21ක් සමග නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය සඳහා යොදාගත් උපකරණ තොගයක් සමග එම ස්ථානයේ සිටි වයස අවුරුදු 16ක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,620 Viewers
Main News