හොර දොස්තර තම්බි මරික්කාර් මොහොමද් ස්මයිල් අල්ලා පොලිසියට භාරදෙයි..

June 14, 2019 at 8:02 am | lanka C news
හොර දොස්තර තම්බි මරික්කාර් මොහොමද් ස්මයිල් අල්ලා පොලිසියට භාරදෙයි..

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා තලවකැලේ පොලිසියට භාර දුන් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල  මහතා පැවසිය.

තලවකැලේ නගර සභාවේ කිසිදු අනුමැතියකින් තොරව වසර 2 කට ආසන්න කාලයක් සැකකරු මෙම වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, එම වෛද්‍යය මධ්‍යස්ථානය තුල ගබ්සාවන් සිදු කරන බවට නගර සභාවේ පවුල් සෞඛ්‍යය සේවිකාව විසින් තමන් වෙත ලබාදුන් පැමිණිල්ලක් මත නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් සමග ගොස් එම වෛද්‍යය මධ්‍යස්ථානය පරික්ෂා කර බලා එම වෛද්‍යය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අය අල්ලා තලවකැලේ පොලිසිය වෙත භාර දුන් බව සභාපතිවරයා කියා සිටියේය.

සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි සැකකරු අවුරුදු 49 ක වයසකින් යුක්ත අයෙකු බවත්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු වශයෙන් තහවුරු කිරිමට කිසිදු ලිය කියවිල්ලක් ඔහු භාරයේ නොතිබුණු බව සභාපතිවරයා කියා සිටියේය.

එම වෛද්‍යය මධ්‍යස්ථානය තුල වරින් වර සේවකයන් යොදා ගනිමින් විශාල මුදලක් රොගින්ගෙන්  අයකරමින්  එම වෛද්‍යය මධ්‍යස්ථානය තුල විවිධ ප්‍රතිකාර කර ඇති බවද සභාපතිවරයා පැවසිය.

මෙම වෛද්‍යය මධ්‍යස්ථානය තුල වෛද්‍ය උපකරණ රැසක් සහ ඖෂධ විශාල සංඛ්‍යාවක් තිබු බවත් මෙම ව්‍යාජ වෛද්‍යවරයා තම්බි මරික්කාර් මොහොමද් ස්මයිල් යනුවෙන් පෙනි සිටි බවත්, සභාපතිවරයා කියා සිටියාය.

තලවකැලේ පොලිසිය වෙත  භාර දුන් ව්‍යාජ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

86 views
Main News