හොර පවුලකට විරුද්දව එලියට බැස්ස මට අද හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා.. – ජනපති

January 25, 2017 at 2:10 pm | lanka C news
හොර පවුලකට විරුද්දව එලියට බැස්ස මට අද හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා.. – ජනපති

ගිය ආණ්ඩුවේ ඇමති ධුරය අතහැර රාජකීය හොර පවුලකට විරුද්දව ආණ්ඩුවෙන් එලියට බැස්ස තමනට අද සිදුව ඇත්තේ හොරු කල්ලියක් සමග එකට සිටීමට යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා වාර්තා වෙයි.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විගණකාධිපතිවරයාට තර්ජනය කලේ යයි වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා මේ බව දැඩි කණස්සල්ලෙන් යුතුව පවසා ඇත්තේ ඊයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් කිහිප දෙනෙනෙකු අමතමින් යයිද එම වාර්තා සදහන් කරයි.

ජනාධිපතිවරයා එහිදී තව දුරටත් අවධාරණය කර ඇත්තේ කිසිඳු අයෙකුට වංචා දුෂණ යට ගැසීමට ඉඩ නොදෙන ලෙස හා ජනතාව වෙනුවෙන් නොබියව කටයුතු කරන ලෙසයි.

විගණකාධිපතිවරයාට මෙම ප‍්‍රබල ඇමතිවරයා තර්ජනය කර ඇත්තේ ඇමතිවරයා විසින් ඉල්ලු වාර්තාවක පිටපතක් විගණකාධිපති විසින් කතානායකට ලබාදීමක් සම්බන්ධයෙනි.

234 views
Main News