හොර ලිපි ද්‍රව්‍ය සකස්කල හිටපු විශ්‍රාමික රියදුරා හා යුධ හමුදා සෙබලා අල්ලයි…

August 27, 2017 at 2:04 am | lanka C news
හොර ලිපි ද්‍රව්‍ය සකස්කල හිටපු විශ්‍රාමික රියදුරා හා යුධ හමුදා සෙබලා අල්ලයි…

ව්‍යාජ ලෙස සකස්කරන ලද රියැදුරු බලපත්‍ර, නිල මුද්‍රා, තාවකාලික රියැදුරු බලපත්‍ර, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැඳුනුම්පත්, වාහන අංක තහඩු සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

24 රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රාගම ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 51,52 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේම පදිංචි කරුවන් බව අනාවරණව වී තිබේ.අයෙක් යුධ හමුදාවේ සේවය කළ විශ්‍රාම ගත් අයෙක්වන අතර,කැළණිය ප්‍රා දේ ශිය ලේකම් කාර්යාලයේ රියදුරකු වශයෙන් සේවය කළ විශ්‍රාම ලැබුවෙකි.

සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

– සුනෙත් ගාල්ලගේ

51 views
Main News