හොර වෛද්‍යවරයෙක් මත්පෙති තොගයක් සමග අත්අඩගුංවට…
February 15, 2022 at 8:01 am | lanka C news
වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (14) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වර්ණ ජයසුන්දර මහතා වෙත ලද තොරතුරක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරු හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නිවසක මෙම ජාවාරම්කරු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් රොගින්ට ප්‍රතිකාර ලබා දි ඇති බවත්,ඒ අතරතුර තරුණයන්ට මත්පෙති අලෙවි කර ඇති බවයි වැටලිම සිදු කල තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.
සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ ඖෂධ වෙලදසැලක සේවය කරන සේවකයෙකු බවත්, ඔහු සන්තකයේ තිබි මත්පෙති 338 ක් අත්අඩංගුවට ගත් බවත්, මත්පෙති ලබා ගැනිමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා දිඹුල පතන පොලිසිය වෙත භාර දි ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
නුවර හීරස්සගල පාරේ , සම්පත් බැංකුවට උඩින් ඉන්න පෙති විකුණන එකාව අල්ලන්නේ කවද්ද ?
STF is doing detections every where. What are the Local Police doing?
දේශපාලන යට සම්බන්ද නැත්නම් ඉහල ම දඩුවම් දියයුතුයි, නැත්නම් නිදොස් කොට නිදහස්, ජයවේවා