හොර සීනි තොග රජයට පවරා ගනී.. කිලෝව 130ට විකුණයි..

September 1, 2021 at 12:40 pm | lanka C news
හොර සීනි තොග රජයට පවරා ගනී.. කිලෝව 130ට විකුණයි..

අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කර, හාල් කිලෝව රු.97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද ( 01 ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා දැනට නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන සීනි කිලෝව රු.130ට අඩුවෙන් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි රසායනික ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර

48,436 views

25 Comments to “හොර සීනි තොග රජයට පවරා ගනී.. කිලෝව 130ට විකුණයි..”

  1. නියම මොලේ says:

    බදු නැතිව අඩුවට දෙන්න අඩුවට ගෙනල්ලා හොරෙන් හංගගෙන ඉඳලා පරණ වෙච්ච විකුණන්න අමාරු සීනි ටික 130ට දීල ඒ මුදල් ඔය හොර මුදලාලිට දීල මාර ගේමක් දෙන්න යන්නෙ. අපිට නම් ෆුල් සැටිස්.

  2. LalithM says:

    එතකොට රටේ බඩු ගබඩාකරන්න පුලුවන් අර මුතුරාජවෙල මිත්‍ර සමාගමට විතරද. මේ යන්නේ 70 -77 යුගයට. මේකද වියතුන් රටට දෙන්නේ.

  3. සවි අරික්කාල says:

    පඩ ෂෝ නැතුව මෙන්න මෙහේ ඉදහං.
    බොරුවට මිනිස්සු චූන් කරනවා.
    පවරගනියි මේන් කියලා.

Main News