හොර UN නියෝජිතයා ගොවි මුදල් ලක්‍ෂ ගණනක් වංචා කර පලා යයි..

March 25, 2017 at 2:09 am | lanka C news
හොර UN නියෝජිතයා ගොවි මුදල් ලක්‍ෂ ගණනක් වංචා කර පලා යයි..

එක්සත් ජාතීන්ගේ කලාපිය සංවිධායක ලෙස ව්‍යාජව පෙනී සිටිමින් දිවයිනේ ප්‍රදේශ කීපයක ගොවි ජනතාවගේ මුදල් ලක්ෂ ගණනාවක් වංචා කර පලා ගිය පුද්ගලයෙකු පිලිබදව දඹුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

දඹුල්ල නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් කීපදෙනෙකු දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිලි කීපයක් මත සිදුකල විමර්ශනයකදී අන්වරනය් වී ඇත්තේ අදාල සැකකාර පුදගලයා ගම්පොල,කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බවට පොලිසිය හදුනාගෙන ඇත.

ගම්පොල,මහනුවර,මාතලේ,දඹුල්ල,කැකිරාව,කෑගල්ල,කුරුණෑගල ඇතුළු ප්‍රදේශ ගණනවකදී කෘෂි ළිං.ට්‍රැක්ටර්,විදේශ රැකියා ආදිය ලබාදෙන බව පවසා මුල්‍ය ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු දඹුල්ල,පල්වැහැර හා .සතිපොළ ආසන්නයේ නිවෙස් දෙකක කාමර දෙකක් කුලී පදනම ලබා ගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

ඇමරිකාවෙන් අඩු මුදලටගෙන්වා දෙනු ලබන කෘෂි කාර්මික වාහනයක් වන ට්‍රැක්ටර් ලබාගැනීම සදහා ලියාපදිංචි ගාස්තු වශයෙන රුපියල් 1,90,000 ක් මුදලක් ප්‍රදේශයේ කිපදෙනෙකුගෙන් ලබාගෙන නිශ්චිත දිනයේ ට්‍රැක්ටර් ලබා නොදීම නිසා ඇතිවූ සැකයක් මත සැකකරු පදිංචි කාමරය තුලට වංචාවට හසුවූ කීප දෙනෙකු කඩා පැන ඇත.එහිදී සැකකරු තමා පරිහරණය කල සියලු බඩුබාහිරාදිය දමා පලා ගොස් ඇත.

එම කාමරයේ තිබී වටිනා ඇදුම් පැළදුම්,සුවද විලවුන්,පාවහන්,රැසක්ද දිවයිනේ විවිධ පරදේශවල පදිංචිකරුවන්ගේ පුද්ගල හැදුනුම්පත්වල චායා පිටපත්,ඉඩම් ඔප්පු හා දුරකථන අංක දහසක් පමණ වූ ලේඛනයක්,ලක්ෂ ගණන් මිලදී ගත් ලොතරැයි පත් මෙන්ම පෙර ගෙවුම් දුරකථන කාඩ්පත් විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

– මහින්ද උදයසිරි රත්නායක

6 views
Main News