හෝටන් තැන්නට අලුත් පාරක් කපයි..

September 19, 2020 at 8:40 am | lanka C news
හෝටන් තැන්නට අලුත් පාරක් කපයි..

හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා බලංගොඩ දෙසින් නව මාර්ගයක් ආරම්භ කිරීමට සැලසුමක් තිබේ.

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම මාර්ගය නන්පේරියල් වතුයාය හරහා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

එම මාර්ගයේ ටික දුරක් වාහනවලින් ගොස් එතැන් සිට පාගමනින් ලෝකාන්තය දක්වා යාමට මෙමගින් සැලසුම් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් දැඩි විරෝධය පලකරයි.

හෝර්ටන් තැන්නට පිවිසීමට දැනටමත් මාර්ග දෙකක් ඇති නිසා තවත් පිවිසුමක් අවශ්‍ය නැති බවත් පවසන ඔහු නව මාර්ගයක් ඇති කිරීම යනු විනාශ දොරටුවක් බවද කියා සිටිති.

21,300 views

10 Comments to “හෝටන් තැන්නට අලුත් පාරක් කපයි..”

  1. දිලිත් says:

    රෙස්පෙක්ට් ඩෝ සර්

  2. විනුර says:

    මෙයත් ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ගේ මානසික විකෘතියක්. තම ප්‍රදේශයේ පාරවල් අබලන් නිසා ඒවා හදනු වෙනුවට බූත යෝජනා ගෙනෙනවා.

    • Alapaluwa says:

       කරුණාකර මේ පිස්සු විකාර වැඩ නතර කරන්න මේවා මේ මොළේ කියලා කළඳක්වත් නැති පුන්නක්කු තණකොළ කන මීහරක් කරණ වැඩ නිසා මෙයින් වන්නේ  ගොටභය මැතිතුමාගේ ප්‍රතිරූපයට හානි සිදුවනඑක පමණයි .පරිසරකියා ඇමතිකෙනෙකු පත් කර තිබෙනවා නේද කෝ මේ කුළු හරකා ඔකාගේ ඇස කන් පොට්ට වේලාද?අන්දවෙලාද? මේවට කට පියාගෙන ඉන්නේ තිස්ස සර්ගේ කටේ මසුරං දන්නා ඕනේ මේ පසුගිය දවසේ කියාපුඅනාවැකිය හෝර්ටන් place වලට අලුත් පාරක් කපන්න යන්න හදන්න උත්සහා කරණ එකත් එය කළහොත් වෙන  වන වණ සහා පරසර විනාසය පිළිබඳව. කරුණාකර මේ අමන උන්මාදකයින් කසිප්පු බිලා හෝ කුඩු ගහලා හරි කරන්න තියා සිතන එවුන් කරන්න යන  මේ පිස්සු විකාරය වහාම නවත්වන්න, දැනුත් මෙයට ප්‍රමාද වැඩි නැහැ නැතිනම් වන්නේ  ඔබලා සියළුදෙනාටම කවදාවත් නැවත පාර්ලිමේන්තුව කියලා දෙයක් ඉදිරියේදී  බලාගන්න බැරිවිදියට ජනතාව කටයුතු කරයි කියලා මට නියත වශයෙන්ම කියන්න පුළුවන්.

  3. Sunil Dahanayake says:

    This proposal is good . But It has to be done in an environmental friendly manner.

    I have hiked to Worlds End on this foot path about 35 years ago.

    The environmental people do not understand that there should be funds to run the Wild Life Department. So that this proposal can increase the tourist income. But it has to be done with out doing much harm to the natural environment.

  4. sam says:

    මේ පාර සුද්දන්ගේ කාලේ ඉඳලාම තිබුනා. නමුත් 70 දශකයේ , හෝටන් තැන්නේ අල වගාව තහනම් කරලා, ඒක අධි ආරක්‍ෂිත වනෝද්‍යානයක් කරපුවාම නැග්රක් හරහා තියන (අඩි) පාරෙන් වනෝද්‍යානයට ඇතුළුවීම ඉබේටම තහනම් වෙලා ගියා. දැන් ටිකට් නැතිව වනෝද්‍යානයට ඇතුළු වීම තහනම් නිසා මේ පැත්තෙන් ඇතුළු වීම නීති විරෝධීයි. ඉස්සර බෙලිහුල්ඔය තානායමේ ඉඳලා පයින් හෝටන් තැන්නේ තිබුන ෆාර් ඉන් (Farr Inn) හෝටලේට යන විදේශිකයන්, සහ ඔවුන්ට මග පෙන්නවන්න යන ද්‍රවිඩ මග පෙන්වන්නන් ඕනෑ තරම් හිටියා. දැනටත් නැග්රැක් දක්වාම වාහන යන්න පුළුවන්(නමුත් ඒ සඳහා වතු සමාගමෙන් අවසර ගන්න ඕනෑ ) ඒ පාර රජයට පවරාගෙන, ඉතිරි ටික පයින් යන්න කැමති අයට එහි ටිකට් කවුන්ටරයක් විවෘත කලාම ඇති. දැනට හෝටන් තැන්නට ඇතුළු වෙන කොට පිළිපැදිය යුතු නීතිරීති ඒ ආකාරයටම රැකෙනවා නම්, මෙයින් වන හානියක් නැහැ. ලංකාවේ තියන සුන්දරතම කඳු නැගීමක අත්දැකීම සංචාරකයන්ට ලැබේවි.

    • කාන්තාර පළඟැටියා says:

      සෑම් මහත්මයා කීවාමයි මෙවැන්නක් ගැන දැනගත්තෙ. වැඩි විස්තර අන්තර්ජාලයෙන් සොයා බැලුවා. අළුත් දේවල් බොහෝ ඉගෙන ගත්තා එම පෙදෙස ගැන . බොහෝම ස්තූතියි දැනුවත් කලාට

  5. polgahawela says:

    ලංකාවම කපපිය එතකොට අපේ රටේ ගොන් මිනුසුන්ට 2/3 දැනෙනවා

  6. Love nature says:

    මේ ගොන්නු ඉන්නකන් රට අබාදයට යන්නේ මුන්ව පන්නා රට බේරාගමු හෝර්ටන් තැන්න දිවිහිමියෙන් රැකගමු.

  7. gini says:

    After that build hotel’s and luxury residence. 🐃🐃🐃😡

  8. Rony says:

    මොලයක් කියල එකක් තිබ්බා නම් දේශපාලනය කොරයිද ?

Main News