හෝටල කාමරයකින් තරුණියකගේ මල සිරුරක් හමුවේ..

July 31, 2019 at 8:02 am | lanka C news
හෝටල කාමරයකින් තරුණියකගේ මල සිරුරක් හමුවේ..

මැල්සිරිපුර ගොකරැල්ල පොලිසියට ලද තොරතුරක් මත මැල්සිරිපුර නගරයේ නවාතැන් පොලක් පවත්වාගෙන යන හෝටලයක කාමරයක් තුලින් වයස අවුරුදු 20ක් පමණ වන කාන්තා මල සිරුරක් සොයා ගෙන ඇත.

පස්වරුවේ පුද්ගලයෙකු සමග නවාතැන් ගැනිමට පැමිණ ඇති මෙම තැනැත්තිය අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක් යයි පොලිසිය හදුනාගෙන ගෙන ඇත.

මෙම කාන්තාව හා පැමිණි පුද්ගලයා හෝටලයෙන් පලා ගොස් ඇති බවත් හෝටලයෙන් ලද තොරතුරක් අනුව හෝටලයේ කාමරයක තිබි මල සිරුර සොයා ගත් බවත් පොලීසිය කියයි.

මරණය පිලිබදව ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– මහින්ද දඹුල්ල

171 views
Main News