හෝටලයකට නාදුනන පිරිසකගෙන් ප්‍රහාරයක්….

August 21, 2019 at 2:03 am | lanka C news
හෝටලයකට නාදුනන පිරිසකගෙන් ප්‍රහාරයක්….

යාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ කොකුවිල් පූනාරි ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙතට රාත්‍රියේ පැමිණි පිරිසක් විසින් එහි හිමිකරුට  පහරදී බඩුබාහිරාදියටද හානි කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

පූනාරි මරතඩි මන්සන්ධියේ පිහිටි මෙම හෝටලයට රාත්‍රියේ කිසියම් පිරිසක් එකවරම පැමිණි හෝටලයේ භාණ්ඩවලට පළමුව හානි කොට ඇති අතර එය වැලක්වීමට උත්සහ ගත් හෝටල් හිමිකරුටද අදාල පිරිස් විසින් පහරදීම හේතුවෙන් හෝටල් හිමිකරු තුවාල ලැබීය.

අනතුරුව හෝටල් හිමිකරු විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක යාපනය පොලිස් නිලධාරීන් විසින් අදාල පහරදීම සිදු කල පිරිසෙන් එක් අයෙකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.

පහරදීම හේතුවෙන් හෝටල් හිමිකරු තුවාල ලබා රෝහල්ගත කල අතර හෝටලයේ භාණ්ඩ රැසකටද හානි කොට ඇති බවටත් අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කරන බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,751 Viewers
Main News