හෝටලයක බීමත් දෙපිරිසකගේ ගුටි කෙලියක්.. අයෙක් මරුට…
May 3, 2022 at 7:10 pm | lanka C news
යාපනය පේදුරුතුඩුව වල්ලෙයිවේලී ප්‍රදේශයේදී පෞද්ගලික හෝටලයක දෙපාර්සවයක් අතර ඇති වූ ගැටුමකදී බෝතල් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ඊයේ (02) සවස මිය ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
පේදුරුතුඩුව මාර්ගයේ වල්ලෙයිවේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලක් තුල තරුණයින් දෙපිරිසක් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී දෙපාර්සවය පළමුව බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එක් පාර්ශවයක සිටි අයෙකු විසින් මත්පැන් බෝතලයක් කඩා එයින් අනෙක් පාර්සවයේ සිටි තරුණයෙකුට බරපතල ලෙසින් පහරදීම හේතුවෙන් එම තරුණයා බරපතල කැපුම් තුවාල ලැබීය.
අනතුරුව පහරදීම සිදුකල පිරිස් පලා යාමෙන් පසුව අසල්වාසීන් විසින් තුවාල ලැබූ තරුණයා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විටත් එම තරුණයා මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.
මෙලෙස පහරදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය තික්කම් නාච්චිමාර් කෝවිල් සන්ධි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගුණසේකරන් ගුණසෝදි නැමති අයෙකි.
අදාල පහරදීම සමබන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවටත් සැකකරුවන් මේ වන විට සැඟව ඇති හෙයින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ගෝල්ෆේස් අරගල නායක රැට්ටා හිරු සලකුණේ
ඔය වගේම කටුගස්තොට පොලිසියේ දුෂිත සම්පත් නමැති OIC කාරයා මේ ලඟදි හොඳටම බීලා කෙල්ලෙකුට අතවර කරන්න ගිහින් හෝටලයකදී යුද හමුදාවේ කට්ටියක්ගෙන් අම්බානක කෑවා