හෝටලයක සුපිරි බූරු පිටියක්.. මෙහෙයවීම මන්ත‍්‍රීවරයෙක්..

July 2, 2021 at 11:20 am | lanka C news
හෝටලයක සුපිරි බූරු පිටියක්.. මෙහෙයවීම මන්ත‍්‍රීවරයෙක්..

නිරෝධායන නීති හා සංචරණ නීති උල්ලංඝනය කරමින් අලුත්ගම නගරයේ සංචාරක හෝටලයක පැවැති සුපිරි බූරු පිටියක් වටලා සැකකාර පුද්ගලයන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම නගරයේ ස්ථාපිත කර ඇති පොලිස් අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු පැවසීය .

එම හෝටලයේ වායුසමනය කරන ලද සුපිරි කාමර කීපයක සුවිශේෂී පහසුකම් සහිතව මෙම බූරුපිටිය කලක පටන් පවත්වා ඇති බව පොලීසිය කියයි .

එම සුපිරි බූරු පිටියෙ ලක්ෂ ගණනින් මුදල් ඔට්ටුවට බූරුවා ගැසීම සිදුකරන බවට අලුත්ගම නගරයේ පිහිටුවා ඇති පොලිස් අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සංචාරක හෝටලය 30 දින රාත්‍රියේ වැටලීමෙන් අනතුරුව අලුත්ගම පොලිසියේ සහයෝගයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ස්ථානයේ සිට අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් පැය 5ක කාලයක් තොරතුරු සටහන් කර අලුත්ගම පොලිසියට බාරදී ඇතැයි එම ඒකකයේ උසස් නිළධාරියෙකු සඳහන් කළහ .

එම හෝටලයේ මුදල් ඔට්ටුවට බූරු ගැසීමට සංචරණ සහ පළාත් මායිම් ද නොතකා ගාල්ල ,කැකනදුර , දෙවිනුවර ,ඇඹිලිපිටිය ,කොස්ගොඩ, ඇතුළු පළාත්වලින් සහ කලුතර අඟුරුවාතොට , පානදුර ,කළුතර , බේරුවල ,අලුත්ගම ,දර්ගා නගරය යන අවට ප්‍රදේශ ගණනාවක පිරිස් මෙම ස්ථානයේ සිට ඇත.

මෙම සුදුපිටියේ බූරුවා ගැසීමට පානදුර සිට පියෙකු සහ පුතෙකු පැමිණ තිබූ බව එම නිලධාරීන් පැවසූ අතර සැකකරුවන් සියලු දෙනා අතර වයස අවුරුදු 18 ක තරුණයෙක් සහ වයස 54 පහල සෙස්සන් සිටි බවත් පරීක්ෂණ සිදුකර පොලිස් නිලධාරීන් කීහ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් ජූලි පළවෙනිදා පස්වරුවේ අපරාධ කොට්ඨාස නිලධාරීන් සහ අලූත්ගම පොලිසිය එක්ව බස් රථයකින්කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට රැගෙන ගියහ.

– තුසිත සිල්වා

 

27,466 views
Main News