හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

May 22, 2020 at 12:02 am | lanka C news
හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් පැවති සාකච්ඡාවකදි ඔහු පැහැදිලි කිරීම සිදු කළේය.

හොමාගම ආසන්නයේ ඉදිකිරීමට යෝජනා වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ මොහොතේ ප‍්‍රමුඛ නොවන බවත් ඒ වෙනුවට පළාත් මට්ටමින් සහ පාසල් මට්ටමෙන් නවක ක්‍රීඩකයන් ජාතික තලයට ගෙන ඒමේ වැඩපිළිවෙළට වැදගත්කම මහේල ජයවර්ධන විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහදා දෙන ලදී.

එමෙන්ම ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ලෝක ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වනු ඇති බවත් එනිසා හෝමාගම තවත් ක‍්‍රිකට් පිටියක් ඉදිකර එමගින් ලාභ ඉපැයීමක් ගැන සහතික කල නොහැකි වුවද බවත් ඔහු පෙන්වා දුන්නේය.

සාකච්චාවේ ප්‍රතිපල මත මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ අදාළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හා අත්හිටුවන ලෙසයි.

Gepostet von Mahela Jayawardena Fan Club am Donnerstag, 21. Mai 2020

133 views

35 Comments to “හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]”

  1. david milibanda says:

    Oxen, I agree with you on that point. However, its two folds.
    Thinking capacity of the Cricket Administrators…
    What about the Minister of sports…..
    Y did the PM had to get involved.

    Anyway, hope sanity will prevail. At this point of time building a cricket ground of Intl level is not important in the midst of a pandemic.
    Cricket administrators had no capacity to think……

  2. sena says:

    මෙහෙම තමා හැමප්‍රශ්ණයක්ම විසදියයුත්තෙ ඒ ඒ ශේත්‍රිවල ඉන්න ප්‍රවිනයො ගෙනුත් අදහස් ලබාගතයුතුයි හැම රජයක්ම මේවාගෙ ප්‍රශ්ණ ඇතිවුනෙත් මහජනමුදල් ගගාකැවෙත් විනාසවුනෙත් මේ වාගෙ ආයතනවලට නොවැදගත් පුද්ගලයො පත්කිරිමෙනුයි