හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..

May 19, 2020 at 4:40 pm | lanka C news
හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…” යි අර්ජුන රණතුංග පවසයි.

“අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිටත් පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි. සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”යි ද අර්ජුන රණතුංග පැවසීය.

”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..

ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා…..” යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

33,831 Viewers

56 Comments to “හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..”

  1. cw says:

    Buddy, Did you say anything when your partner in crime Harin Fernando announced this? I know it does not make Bandula’s announcement right.

    • Muththa says:

      You, look here cw,
      Harin the idiot may have announced it but didn’t implement it or didn’t have time.
      Why are these idiots trying to implement the idiotic idea in this crisis in such a hurry ?
      It is anybody’s obvious guess.
      ALL are having the same idea, to ROB from the lucrative project !
      Very interesting to see what GR does ?

      • Darshana abayakoon says:

        මේ මොන කුහකයෙක්ද මේ? මෙයා මොනවද ක්‍රිකට් ගැන දන්නෙ? රටේ දැවෙන ප්‍රශ්න නිවරදිව හදුනගෙන කරන මේ යොද සන්වර්දන වියාපෘති කවුරු කිව්වත් නවත්තන්න එපා ස. රෙස්පෙක්ට් ස,

    • Wijebahu says:

      Rajapaksas have started their usual business to implement unwanted unnecessary projects to make hefty commissions.

  2. බන්ඩා says:

    මම අර්ජුනගෙ දේසපාලන සපෝටර් නෙවෙය්. නමුත් අර්ජුන සහ මහේල තව ක්‍රිකට් ක්‍රිඩාංගන ඕනෑ නැහැ කියන කතාව සහතික ඇත්ත. අනෙක් ක්‍රීඩකයොත් කට ඇරල ඇත්ත කිව යුතුය්. බන්දුල දන්න ක්‍රිකට් එකක් නැහැ.

    • හෙලයා says:

      දැන් බන්දුල කියාවි දියගම හදන්නෙ ක්‍රිකට් පිටියක් විතරක් නෙවෙය් ක්‍රීඩා සංකීර්ණයක් කියල. අර්ජුනල කියන තවත් ක්‍රිකට් පිටි අවශ්‍ය නැහැ කියන සරල කතාව බන්දුල ආචාරිට වැටෙන්නෙ නැහැ. ජනාධිපති තුමා මේකට අත දැම්මොත් කාටත් හොඳය්.

      • ushan abrew says:

        ලංකාවේ ඉන්න මෝඩ හරක්ට හුරේ දාන්න හොදයි අර්ජුනගේ බයිලා. ඕක හදන එක නවත්තුවහම ICC එකෙන් ඔය සල්ලි රටේ මිනිස්සුන්ට බෙදා ගන්න දෙනවද

        • Alapaluwaa says:

          ICC එක මෙහෙම ක්‍රීඩාංගනයක් පිලිබදව දන්නෙවත් නැහැ හලෝ.

      • 2/3 says:

        එයා මේ ගැන් දන්නෙ නැහැ 😀

      • Kotalawala says:

        පහත රට තෙත් කලාපයේ ඉඩම් හැකි පමණ ගොඩනැගිලි සහ ක්‍රීඩාංගන ඉදි කිරීමට යොදා ගන්න..එවිට කෘෂිකාර්මික ඉඩම් ටික අඩුවන නිසා පිටරටින් කෑම්ව් ගෙන්වා පිටරට ගොවියන් රජ කරමමු..ජයවේවා බන්දුල …..

    • chandrapala jayawardana says:

      ක්‍රිකට් පිටියක් අවශ්‍ය වුනත් නැතත් ඕක මේ වෙලාවේ කියන්න ඕනේ දෙයක් නොවෙයි. ඔය ක්‍රිකට් බෝඩ් එක රන් වෙන්නේ බෝර්න් අගේන් ක්‍රිස්තියානි කල්ලිය .උනුත් කැමති නෑ රාජපක්ෂලාගේ බෞද්ධ වැඩ කටයුතු වලට .කතෝලික ආගමටත් උන් විරුද්ධයි .උන්ගේ ලනුවක් ඇමති කාල තියෙන්නේ ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීම උන්ගේ අරමුණ . මොකද උන් දන්නවා චන්දෙන් පස්සේ ගොටාභය ක්‍රිකට් බෝඩ් එක සම්පුර්ණයෙන් සුද්ධ කරන බව .

      • Alapaluwa says:

        තමුන්ගේ මොලේ හොඳ නැද්ද. එතන බෝන් එගෙන් පල්ලියක් නෙවෙයි අයිෂේ හදන්නේ. ක්‍රිකට් පිට්ටනියක්. දැන් වත් ඉගෙනගන්නවා ක්‍රිකට් පිට්ටනිවල පල්ලි දාන්නේ නෑ කියලා

    • ආචාර්ය බන්දුල says:

      බණ්ඩා මල්ලි මම දැනගෙන හිටියේ නැහැ සරම ඇදන් ඔලුවෙන් හිට ගත්තම අමුඩෙ පේනවා කියලා. කට්ටිය මටමනේ කෙලින්න හදන්නේ.

      • Aniwa says:

        Whatever the decision taken buy our gota sir or appachchi should not be questioned.
        They can decide on making any number of cricket grounds at any cost.
        Jaya wewa sir.

      • Alapaluwa says:

        හුටා, මේ පිට්ටනියක් නිසා අද අමුඩෙ අඳින්නත් අමතක වෙලානේ.

  3. Sun says:

    Really I agree with you. This person does not know what people want a foolish economic masters thinking. He cannot see the world well due to unpolished mind.

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අති විශාල මුදලක් වැය කර ලෝකයේ ලොකුම කොණ්ඩමය ගෝල්ෆේස් පිටියේ නිර්මාණය කලේ තමුන්නැහේ නේද​?
    ඒක පාවිච්චි කලාද​?
    කා වෙනුවෙන්ද?
    අපිට දෙන්නකො උත්තර​?????????????

    • sam says:

      Do you mean x-mas tree?
      Do you mean to compare expenses?

    • Mangala says:

      එ..එ්ක අපේ යාලු මිත්‍රයන්ගෙන් ලැබුන සල්ලි.එ් වෙනුවට අපි මුකුත් දීලා නෑ

    • Heman says:

      Marama mara fine prasnayak.

    • Kotiya says:

      කෝ උත්තර?

    • ushan abrew says:

      ලංකාවේ ඉන්න මෝඩ හරක්ට හුරේ දාන්න හොදයි අර්ජුනගේ බයිලා. ඕක හදන එක නවත්තුවහම ICC එකෙන් ඔය සල්ලි රටේ මිනිස්සුන්ට බෙදා ගන්න දෙනවද

      • MCC says:

        වැඩක් ගන්නෙ නැති ක්‍රීඩාංගන වගා බිම් බවට පරිවර්තනය කරන්න කාලයයි.කොරෝනා නිසා ක්‍රීඩාව නැවතිලා නෙ තියෙන්නෙ.පිත්ත වෙනුවට උදල්ල අතට ගමු විරුවනේ.

        • Rata Wenuwen says:

          සැවොම එක්වී පිත්ත හූරමු

          • ඊරි යකා says:

            මේ කොමෙන්ට්ටුව කලින් “රටවෙනුවෙන්” ලියපු බත්බැල විරෝදි සහෝදරයාගේ වෙන්නට බැරිය

        • Rata Wenuwen says:

          ඊරි යකා සමනළයෙක් කියල දැනගෙන හිටියේ නෑනේ.

    • බිල්ල says:

      ඒක අතිශයින් බුද්ධිමත් තීරණයක්.

    • Sam says:

      ඔව ඒ වගේ ගොන් වැඩක් මෙයා කලා තමයි..ඒ කවුරු පිනවන්නද දන්නෑ..

    • catseye says:

      ශක්කාහු ….ඔබේ condam ප්‍රශ්නෙට උත්තරේ දුන්නම පිට්ටනියේ ප්‍රශ්නය සාධාරණිකරණය වෙනවාද …….ඔබ කියන්නේ ක්‍රිකට් පිට්ටනියක් මේ වෙලාවේ ඕන කියලද……..මෝඩ විදිහට හැසිරෙන්නේ නැතිව ඉන්නකෝ…….ප්‍රටේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න රටවැසියෝ ඔක්කොටම අයිතියක් තියනවා………දිනපු පැත්තේ අයට විතරක් නෙමේ …..ලංකාවේ සමහර ගොන් බයියෝ හිතාගෙන ඉන්නේ දැන් ලංකාව එයාලට විතරක් අයිති එයාලට විතරක් කතා කරන්න පුළුවන් රටක් කියලයි …….

      • Alapaaluwa says:

        මේ ෂක්කාහු මාහම්මුදු කියන්නේ අර නූගත් මධු මාධව ගේ පූක් කොල්ලා. උගෙන් සල්ලි අරන් මූ මෙතන කොමෙන්ට් ගහනවා.

  5. APerera says:

    Arjuna, you had played cricket. You know to play cricket. But, you do not know to “play-out” from cricket grounds. Only politicians know that “subject”. Therefore, they will somehow do it.

  6. Kadiya says:

    ක්‍රිකට් පිට්ටනි ඕන නැහැ කියන කතාව අසම්පුර්නයි. අඩුම වශයෙන් වාහන 1000 ක් නතර කරන්න බැරි ක්‍රිකට් පිට්ටනි අතහැරලා ඒවා වඩා පලදායක විධියකට යොදාගන්න ඕන. විශේෂයෙන් තදබදයෙන් පිරුණ කොළඹ නගරයේ තදබදයට සහ රජයේ කාර්යාල වලින් හොරෙන් පැනලා ගිහින් (බැහැර යාමේ ලේඛනයේ සටහන් කරලා) මැච් බැලීමට පිලියමක් ඕන. ඒ සමඟම කොහේ හරි පිට්ටනියක් ඉදි කරනවා නම් අධිවේගී මාර්ගයට ඇතුළුවෙන්න පහසු වෙන්න ඕන. කෙත්තාරාමේ හෝ SSC එකේ මැච් එකක් තිබුනම ඒක ඉවරවුණාම කොළඹ නගරේ දැඩි වාහන තදබදයක් ඇතිවෙනවා. ඒ නිසා අලුතෙන් හිතන්න ඕන. නමුත් මෝඩ ගහක්වන ටියුෂන් මාස්ටර් තමන්ට අයිති නැති දේකට අතදාල නානවා. (එයා තමයි කවකටුවේ තුඩ මොට්ටකලේ ළමයි ඇනගන්නව කියල. ඒ මෝඩ කවකටුව වෘතයක් අඳින්න පාවිච්චි කරන්න බැහැ. තුඩ ලිස්සනවා)

  7. Laksiri says:

    The country need many infrastructure projects initiated such as this in order to create jobs for the people who lost jobs and as well as for the returning migrants workers. Private sector participation , such as this project by the cricket board, is a must in this juncture. Arjuna is only a popular cricketer with only a minute education does not have necessary economic sense make comments in this situation.

  8. රටවැසි says:

    කොහොම උනත් මේ කතාව ඇත්ත . මීට වඩා දේවල් තියෙනවා ප්‍රමුඛත්වය දිය යුතු .

  9. T says:

    Mun Wage Gon Chun Amatilaa Inakan Ratta Aheniya Thama.

  10. DRS says:

    Hats off to Arjuna. I totally agree with him not just about the ground but how that money should be given to schools to develop players.
    Bandula’s vote base is in this area and most residents are very supportive. Few months ago Bandula and Dilshan laid a foundation stone for another ground few miles away in Padukka which is another white elephant. All this will be forgotten after the election.
    Why don’t they build an indoor gymnasium with badminton, squash, swimming, cycling, volleyball. This would support all sports no just cricket.

    • Mangala says:

      Get your facts before commenting..sri Lanka only provides the land for this. All money spent on this is a grant.to be used for this complex alone.you can’t take someone else’s cash and distribute at your will.

  11. sam says:

    මේවා තමයි ගොන් වැඩ. ආපහු ආණ්ඩුව පෙරණාම තමයි ඕක තේරෙන්නේ.දැනටත් යාන්තමින් ඇදගෙන යන ආණ්ඩුව 2/3 ආවේ නැත්නම් තේරෙයි රග..කොහොමවත් මේක ජනාධිපතිගේ වැඩක් නෙවෙයි..ඒක විශවාසයි.මේක මේ වගේ වෙලාවකට සුදුසු නෑ කියලා ඕනෑම ගොනෙකුට තේරෙනව.
    මේවා බලාගෙන ඉන්න අයට හිතෙන්නෙ බලය ආවාම කොහොම හිටියිද කියලා.

    • හිච්චි මල්ලී says:

      2/3 🙄 🤔 නේද .. දැන් යන විදියට බන්දුල, විමල්, ගොම්මාන්පිල වගේ තුන් හතර දෙනෙක් හිටියොත් 5/6 ම වගේ ලැබෙයි මයෙ හිතේ.

    • Rata Wenuwen says:

      ඔය තියෙන්නේ යස අගේට sam ගොනාට තේරිලා.

  12. UNP GAL IBBA says:

    මේ රටම කාබාසිනියා වෙලා තියෙන වෙලාවේ මොන කිරිකොස්ද තියෙන මගුල්පිටිවල ගහ ගන්න කිරිකොසක් ගහගන්න දීලා ඒ මුදලින් අර බංඩාරනායක පුර වගේ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට ෆ්ලැට් ටිකක් හදලා දීපන්කෝ රෙද්දෙ කිරිකොස් පැත්තකින් තියලා????

  13. abc says:

    This govt also heading to hell. GR alone cannot run and need more military leaders to Treasury . Without this correction don’t think abt lesser than CB bond scam or any other major corruptions.

    Whoever talks more about nationalism or well white dress, please be careful.

    PPL must think to send more GR type people to parliament

  14. Atta says:

    Someone should stop Bandula from making public statements, better to cancel his membership if possible.

  15. දියරකුස් says:

    වෙඩි තියල මිනීමරල කියල දුමින්දය ඇතුලෙ, ඒ විදියටම වෙඩි තියල මිනීමරල කැප්ටන් එලියෙ.

  16. ලලක්කා says:

    මීඩියා සන්දර්ශන දෙන්ඩ කලින් වෙඩි තියල මරපු කොල්ලගෙ පව්ලෙ උන්ට ජීවත් වෙන්ඩ කීයක් හරි දීපන් ලොකු අයියෙ.නොදකින් මිනීමරු හැත්ත.

  17. Chinthana says:

    ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි.
    Off-course Your Yamapalana Govenment is a poor government and have imbalance economy & have given opportunity to bank robbers, Government asset sellers in order earn commission.

  18. Chinthana says:

    Arjuna your brain is not competent enough to analyse the Economic Activity in the government. Because you are a Left arm Batsman who can Huck to the ball when its come to your solder only. You did not attend to class when your teacher even request you to attend.

  19. නාඩාර් says:

    ඈ අර්ජුන මස්සිනේ හෝමාගම ඉදි කිරිමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා විශ්ව විද්‍යලයට අනුබද්ධිත්ව ඉදි කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩා පිටිය සම්බන්ධව ඔච්චර මැරෙන්න යන්නේ ඔබගේ රජයේ අවු.41/2 ක කාලය තුල ඔබගේ යෝජනා ක්‍රියාත්මක කරගැනිමට බැරි වුනේ ඒ කාලේ ඔබට බැරි වු දේවල් මෙම රජය විසින් කරන්ඩ යද්දි ඒකට අකුල් හෙලිම කොතරම් කුහක කමක්ද?

  20. MD says:

    ඔව් ඔව් ඔයා දන්නවද අපිට ඕස්ට්‍රේලියාවට වඩා හොඳ තණකොළත් තියෙනවා නමුත් ඵ්ව කන්න දෙන්න හොඳ
    හරකෙක් හොයන බව.

  21. Liyanage says:

    Minister Bandula Gunawardene again and again destroyed government mage. Hon president and his team are trying to make Sri Lanka a better place for the people but these discarded political antiques continueing with their foolish antisocial plans. He’s good to be with Sajith party as he’s machine with their ideas.

  22. Nishantha says:

    Government should not allow Me Bandula Gunawardene to publicize government opinion. We do not believe and respect what he says. Yes, you’re correct he’s like another UNP politician. Hon president would reconsider this plan to construct another cricket stadiuam.

  23. Alapaluwa says:

    අර්ජුන මොන මෝඩයෙක්ද අපේ බන්දුල ස’ කරන වැඩේ වැරදියි කියන්න. බන්දුල ස’ ඔයා හදන්න පිට්ටනි තුනක්ම මුන්ට පේන්නත් එක්කල.
    මේ දවස්වල ප්‍රසන්නය කට වහගෙන ඉන්නවා එකටත් එක්ක අර්ජුන ගේමට බැහැල.

  24. Kalana says:

    ඇත්ත, මොන Cricket ද ලංකාවට, කන්න නැතිව මිනිස්සු ඉන්නවා, වැසිකිලි නැති පාසල තියෙනවා, පාලම් නැති ගම්මාන තියෙනවා, ඒවාට මේ සල්ලි යොදන්න බැරිද? තනිකර හොරකමට පාර කැපිල්ල නය අරන්.

    • Rata Wenuwen says:

      හෑ .. කන්න නැතිව මිනිස්සු ඉන්නවා. මේ ලංකාවේ? බොරු කියන්න එපා අයිෂේ.

  25. Please provide only single Turf Cricket Ground in the Gampaha Town Area………………….

    This is a historical challenge if anybody can do it………………..

    Up to now, No body able to do and did not want to do the that…………….

Leave a Comment

Main News