හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..

May 19, 2020 at 4:40 pm | lanka C news
හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි.

”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැර තිබෙනවා. අප කළ යුත්තේ එැවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සැදීමට අතිවිශාල මුදලක් වැය කිරීම නෙමෙයි.‍ අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති…” යි අර්ජුන රණතුංග පවසයි.

“අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන් ම පාසල් ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිටත් පළාත්වලදී මේ තත්ත්වය තවත් බරපතලයි. සනත් ජයසූරියලා මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයින් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි…”යි ද අර්ජුන රණතුංග පැවසීය.

”ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකද්ද ? කිසිම ‍ප‍්‍රයෝජනයක් ‍නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න..

ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වෙලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස වසංගතය නිසා ‍අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා. එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන අය දැඩි අසරණතාවයට පත් වෙලා තියෙනවා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ‍අපේ ම ක්‍රීඩා ලොලින්. පාරට ගියොත් අපිට බඩගින්නේ ඉන්න අය ඕනම තැනකින් හොයා ගන්න පුළුවන්. මිනිසුස් කෑම හොයා ගන්න දුක් විඳිනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක‍ මෝඩ වැඩක්. මම ඇත්තට බලාපොරෝත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා…..” යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

168 views

56 Comments to “හෝමාගම ක‍්‍රිකට් පිටිය මෝඩ වැඩක්.. අපාරාදයක්.. ලංකාවේ දැනටමත් ඕස්ට්‍රේලියාවට වඩා පිට්ටනි තිබෙනවා..”

  1. sam says:

    මේවා තමයි ගොන් වැඩ. ආපහු ආණ්ඩුව පෙරණාම තමයි ඕක තේරෙන්නේ.දැනටත් යාන්තමින් ඇදගෙන යන ආණ්ඩුව 2/3 ආවේ නැත්නම් තේරෙයි රග..කොහොමවත් මේක ජනාධිපතිගේ වැඩක් නෙවෙයි..ඒක විශවාසයි.මේක මේ වගේ වෙලාවකට සුදුසු නෑ කියලා ඕනෑම ගොනෙකුට තේරෙනව.
    මේවා බලාගෙන ඉන්න අයට හිතෙන්නෙ බලය ආවාම කොහොම හිටියිද කියලා.

    • හිච්චි මල්ලී says:

      2/3 🙄 🤔 නේද .. දැන් යන විදියට බන්දුල, විමල්, ගොම්මාන්පිල වගේ තුන් හතර දෙනෙක් හිටියොත් 5/6 ම වගේ ලැබෙයි මයෙ හිතේ.

    • Rata Wenuwen says:

      ඔය තියෙන්නේ යස අගේට sam ගොනාට තේරිලා.

  2. UNP GAL IBBA says:

    මේ රටම කාබාසිනියා වෙලා තියෙන වෙලාවේ මොන කිරිකොස්ද තියෙන මගුල්පිටිවල ගහ ගන්න කිරිකොසක් ගහගන්න දීලා ඒ මුදලින් අර බංඩාරනායක පුර වගේ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට ෆ්ලැට් ටිකක් හදලා දීපන්කෝ රෙද්දෙ කිරිකොස් පැත්තකින් තියලා????

  3. abc says:

    This govt also heading to hell. GR alone cannot run and need more military leaders to Treasury . Without this correction don’t think abt lesser than CB bond scam or any other major corruptions.

    Whoever talks more about nationalism or well white dress, please be careful.

    PPL must think to send more GR type people to parliament

  4. Atta says:

    Someone should stop Bandula from making public statements, better to cancel his membership if possible.

  5. දියරකුස් says:

    වෙඩි තියල මිනීමරල කියල දුමින්දය ඇතුලෙ, ඒ විදියටම වෙඩි තියල මිනීමරල කැප්ටන් එලියෙ.

  6. ලලක්කා says:

    මීඩියා සන්දර්ශන දෙන්ඩ කලින් වෙඩි තියල මරපු කොල්ලගෙ පව්ලෙ උන්ට ජීවත් වෙන්ඩ කීයක් හරි දීපන් ලොකු අයියෙ.නොදකින් මිනීමරු හැත්ත.

  7. Chinthana says:

    ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ. පසුගිය වසර තුනේදී ම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි.
    Off-course Your Yamapalana Govenment is a poor government and have imbalance economy & have given opportunity to bank robbers, Government asset sellers in order earn commission.

  8. Chinthana says:

    Arjuna your brain is not competent enough to analyse the Economic Activity in the government. Because you are a Left arm Batsman who can Huck to the ball when its come to your solder only. You did not attend to class when your teacher even request you to attend.

  9. නාඩාර් says:

    ඈ අර්ජුන මස්සිනේ හෝමාගම ඉදි කිරිමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා විශ්ව විද්‍යලයට අනුබද්ධිත්ව ඉදි කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩා පිටිය සම්බන්ධව ඔච්චර මැරෙන්න යන්නේ ඔබගේ රජයේ අවු.41/2 ක කාලය තුල ඔබගේ යෝජනා ක්‍රියාත්මක කරගැනිමට බැරි වුනේ ඒ කාලේ ඔබට බැරි වු දේවල් මෙම රජය විසින් කරන්ඩ යද්දි ඒකට අකුල් හෙලිම කොතරම් කුහක කමක්ද?

  10. MD says:

    ඔව් ඔව් ඔයා දන්නවද අපිට ඕස්ට්‍රේලියාවට වඩා හොඳ තණකොළත් තියෙනවා නමුත් ඵ්ව කන්න දෙන්න හොඳ
    හරකෙක් හොයන බව.

Main News