හෝමාගම තාක්ෂණ නගරයේ පළමු අදියර හෙට ඇරඹේ..
September 21, 2016 at 2:04 am | lanka C news
ජාතික විද්‍යා මධ්‍යස්ථානය, චන්ද්‍රිකා මධ්‍යස්ථානය හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇතුළු තාක්ෂණික මධ්‍යස්ථාන 05ක් සහිත ව බස්නාහිර මහා නගර සංවර්ධන සැළැස්මේ ඇතුළත් තාක්ෂණික නගරයේ පළමු අදියර සඳහා හෙට (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පරිශ්‍රය සහිත මහහේන කලාපයේ දී මුල්ගල් තැබීම සිදු කෙරේ.
නව තාක්ෂණ නගරය සඳහා බස්නාහිර පළාතේ අතිශය ජනාකීර්ණ හා ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති මාලඹේ සිට හෝමාගම දක්වා කලාපයන් තෝරා ගෙන තිබෙන අතර මාලඹේ ප්‍රදේශය තාක්ෂණික කලාප 4 කට හා හෝමාගම ප්‍රදේශය තාක්ෂණික කලාප 7 කට වෙන්කර මෙහි වැඩකටයුතු ආරම්භ කෙරේ.
මෙම තාක්ෂණ කලාපය තුළ රටේ මුල් පෙළේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්රයේ නිරත ප්‍රධාන ආයතන වන මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ආශ්‍රිතව විද්‍යා හා තාක්ෂණික ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
මේ අනුව අක්කර 25 බැගින් විශ්වවිද්‍යාල 03 සඳහාත්, අනෙකුත් තාක්ෂණික ආයතන සඳහා අක්කර 10 බැගින් ලබාදීම නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.
මෙහි ඉදිරි කටයුතු වෙනුවෙන් අක්කර 1000ක් හඳුනාගෙන ඇති අතර මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ද සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඒ සමග ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක මුළු වපසරිය අක්කර 1,200කි. තාක්ෂණ නගරය සමග අනාගත ලෝකය ජය ගැනීමට එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය හෙයින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හුවමාරු මධ්‍යස්ථානයේ සිට උඩුවන හන්දිය දක්වා මංතීරු 4කින් යුත් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ.
– news.lk
What’s the idea of “Inter university Student’s Federation”?
මොකද පේරාදෙණිය ඉන්ජිනීරු පීඨයට තැනක් නැත්තේ ?
LankaC news Plz check the PITIPANA HOMAGAMA area megaCity l r already started by Mahinda
aluth gall thiyanna one na one nam photo dannath puluwan