නෙවිල් ප‍්‍රනාන්දු රෝහල, ඇමරිකන් හඬ පවරා ගනී… හෝමාගම රෝහල හිස් කරයි.. කොරෝනා ප‍්‍රතිකාර කරයි..

March 22, 2020 at 6:48 pm | lanka C news
නෙවිල් ප‍්‍රනාන්දු රෝහල, ඇමරිකන් හඬ පවරා ගනී… හෝමාගම රෝහල හිස් කරයි.. කොරෝනා ප‍්‍රතිකාර කරයි..

හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන මධ්‍යස්ථානයකට වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එහි දැනට සිටින රෝගීන් වෙනත් රෝහලකට යැවීමට ඇති හැකියාව සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දී ඇත.

එසේ යැවිය නොහැකි රෝගීන් වෙනත් රෝහලට මාරු කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

එමෙන්ම නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සහ ඇමරිකන් හඬ ගොඩනැගිලි පවරාගෙන කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරමින් සිටී.

මේ අතර යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයන් 11842 දෙනකු ස්වයං නිරෝධායකට ලක් වෙමින් සිටින බවයි.

එමෙන්ම රජය විසින් ආරම්භ කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන 22 කදී තවත් පුද්ගලයන් 3063 දෙනෙකු නිරෝධන ලක් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

189 views

12 Comments to “නෙවිල් ප‍්‍රනාන්දු රෝහල, ඇමරිකන් හඬ පවරා ගනී… හෝමාගම රෝහල හිස් කරයි.. කොරෝනා ප‍්‍රතිකාර කරයි..”

  1. Disny says:

    Hisbulla campus?

  2. Alapaluwa says:

    ගරු ජනාධිපතිතුමණි තව බොහොම හොඳ තැනක් තිබේ මේ නිරෝධනයට එහි පරිසරයත් දුරප්‍රමානයත් ඉඩකඩත් ඒ වගේම ජලාශයෙන් වටවූ දුපතක් ගැනයි මේ මා ලියන්නේ එනම් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව මෙයට බොහොම යෝග්‍යයි නේද? මේ අවස්ථාවේ කිසිම ප්‍රොයජනයක් නොගැන තිබීම අනුවණ ක්‍රියාවකි එමනිසා එයද වහාම පරිහරණයට ගන්න නියෝග කරන්න!

    • Sam says:

      And get the people to sit there. Don’t publish idiotic comments.

      • Alapaluwa says:

        අයි බැරි මොකද එතන පුටු රත්තරං සහා මැණික් වලින් හදපු දිව්‍ය කුමාරයන්ට සහා කුමරියන්ට පමණද?එතන තමයි නියම තැන එයට පසු කිසිම පිරිසිදුවකින් තොර මේ හොරු රැල හිදවන්න අවශ්‍යයි! නිකම් හොරුන් වෙනුවෙන් හොරුන්ට කඩේ යන්න එපා හලෝ

      • Alapaluwa says:

        Hello Sam the Man I think you are sitting up side down therefore before you make this statement get real contains of my comment!

  3. yvonne- chula says:

    does the numbers increasing ???

  4. Aurora says:

    නියම නායකත්වයක්, නිසි කලට අවශ්‍ය තීරණ ගන්නවා මෙන්ම ඒවා ක්‍රියාත්මක කරනවා. නිකම් බොරු කතා කාරයෝ වගේ කරන්න බැරි දේවල් කියව කියවා ඉන්නේ නැහැ. රටේ වාසනාවට නියම නායකත්වයක් රටට ලැබිලා තියනවා. ඒ වගේම බරව කකුලක් වන පාර්ලිමේන්තුව මේ වෙනකොට විසුරුවල නිසා ජනාධිපති තුමාට බාධා රහිතව ක්‍රියා කරන්න පුළුවන් වෙලා තියනවා. ඒ සමඟම ලොකුවට හිතං ඉන්න තිරිංග පසෙකට වුනොත් වඩා හොඳයි.

    • Dear Aurora, Thank you for your constructive statement amidst several super asshole parodies of seriousness, who talk about Hisbullah’s campus and the Parliament etc. We need to work out a proper solution to the problem not be bullshitting. You are a good example to those shit-mouths.

  5. john the baptice says:

    මේ සදහා මහජන මුදල් වලින් ඉදිකළ සිරිසේනගේ කොළබ නිවසද බාර දිය යුතුය

    • Alapaluwa says:

      මෙයත් නියම අදහසක් ඇත්තටම මෙයත් නිර්දේශ කරන්න ගරු ජනාධිපතිතුමෙනි! තනි හොරෙකුට මෙවැනි විශාල නිවසක් දෙනවාට වඩා සුදුසුයි මේ අහිංසක ජනතාවගේ පිහිටට නිරෝධනය පිණිස ලබාදීම.

Main News