ළදු කැලැවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක් පොලිස් භාරයට….

August 5, 2020 at 2:05 am | lanka C news
ළදු කැලැවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක් පොලිස් භාරයට….

හැටන් ප්‍රදේශයේ ළදු කැලැවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය සමත් වි ඇත.

ඉදිරි දින කිහිපය තුල මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ළදු කැලැවක සගවා තබන්නට ඇති බවයි වැටලිම සිදු කල හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මත්පැන් බෝතල් තොගය සමග එක සැකකරුවෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල්  තොගය රජයේ අනුමත මෙරට නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් බවයි පොලිසිය කියා සිටියේ.

මිලිලිටර් 750   බෝතල් 100 ක් සහ මිලිලිටර් 180 මත්පැන් බෝතල් 750 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

105 views