‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ ඉතාලියේ ශ්රී ලංකා තානාපති අහයි.. මවුපියෝ මවිත වෙති..
April 13, 2017 at 1:20 pm | lanka C news
‘ළමයින්ට සිංහල උගන්වන්නේ ඇයි’ යයි ඉතාලියේ රෝම නගරයේ සිටින ශ්රී ලංකා තානාපති දයා පැල්පොල විමසා ඇති බව ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයින් චෝදනා කරති.
ඉතාලියේ සිටින ලාංකිකයින්ගේ දරුවනට සිංහල භාෂාව ඉගැන්වීම සදහා වසර 15 ක කාලයක් පවත්වාගෙන එන ‘හෙලදිව තක්සලාව’ උත්සවයකට ආරාධනා කිරීම සදහා ගිය එම පාසලේ ගුරුවරුන්ගෙන් තානාපතිවරයා පෙර ලෙස විමසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකු මෙසේ අදහස් පල කලේය.