ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය උවදුරින් ළමුන් රැකගැනීමට පරිවාස නිලධාරීන්ට සුවිශේෂී වගකීමක්….

November 29, 2017 at 2:06 am | lanka C news
ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය උවදුරින් ළමුන් රැකගැනීමට පරිවාස නිලධාරීන්ට සුවිශේෂී වගකීමක්….

ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය උවදුරින් ළමුන් රැකගැනීම සඳහා පරිවාස නිලධාරීන්ට සුවිශේෂී වගකීමක් පැවරෙනවා යයි ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ඇම්.පී. ජයසිංහ මහතා සමස්ත පවසයි.

ආණ්ඩුකාරවරයා මෙසේ පැවසුවේ පස්සර පැල්ගහතැන්න කළමනාකරණ පුහුණු ආයතයේ පැවති සමස්ත ලංකා පරිවාස නිලධාරී සංස්කරණ සම්මේලනයකට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.

ළමුන් පිළිබඳව අධිකරණ සහායක ලෙස ක්‍රියාකරන පරිවාස නිලධාරීන් ලබාදෙන සේවය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ දීර්ග කාලයක සිට ළමාරක්ෂක කටයුතු වල යෙදෙන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව තම නිලධාරීන් මෙහෙයවා ඉටුකරන මෙහෙවර අගය කලයුතුයි. මා නීතීඥයෙකු ලෙස කටයුතු කරන කාලයේදී පරිවාස නිලධාරීන් අධිකරණ කටයුතු වලින් ළමුන් සම්බන්ධයෙන් තම රාජකාරි ඉටුකරන ආකාරය දැක තිබෙනවා.

මෙම නිලධාරීන් විසින් නොයෙකුත් වැරදි ක්‍රියා නිසා අධිකරණයට යොමුවන ළමුන් අවශ්‍ය උපදෙස් ලබාදී නිවැරදි මාර්ගයකට යොමුකර සමාජ ගත කිරීමට දක්වන සහාය වැදගත්. අද වනවිට වැඩිවන ළමා අපචාර හා සමාජ විරෝධී ක්‍රියා, මත්ද්‍රවය උවදුර වැනි කටයුතු වලින් ළමුන් මුදවා ගැනීම සඳහා පරිවාස නිලධාරීන් ඉටුකරන සේවය ඉහලින් අගය කළ යුතුයි.

මෙම සංස්කරණ සම්මේලනය මඟින් පළාත් වල නිලධාරීන් අතර අත්දැකීම් තවදුරටත් හුවමාරු කර ගැනීමටත් ගැටලුවලට මුහුණ දීමේදී කටයුතු කරන ආකාරයන් පිලිබඳ සාකච්ජා කර තවදුරටත් මනා සේවයක් ලබාදීමට හැකිවන බව විස්වාස කරනවා.

දිවයිනේ සියළුම පළාත් වල පරිවාස නිලධාරීන් සහභාගී වූ මෙම සම්මේලනයට ඌව පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය පරිවාස හා ළමාරක්ෂක අමාත්‍ය අනුර විදානගමගේ මහතා, පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යංශ ලේකම් ඒ.ඒ.අනිල් විජේසිරි මහතා, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් චන්දිමා සිගේරා මිය ඌව පළාත් පරිවාස කොමසාරිස් G.W.C.S. ප්‍රියභාෂිණී මිය, සබරගමු පළාත් පරිවාස කොමසාරිස් B.H.C.P. බමුනු ආරච්චි මයා, සමස්ත ලංකා පරිවාස නිලධාරී සංගමයේ ලේකම් උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය. මෙම වැඩසටහන දින 3ක් තුළ පැවැත්වීමට නියමිතව ඇත.

– uva media

169 views
Main News