ළමා ඉතිරි කිරීමේ ගිණුම් වලින් බදු ගැනීම තව දුරටත්…
June 2, 2018 at 5:30 pm | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ළමා ඉතිරි කිරීමේ ගිණුම් වලින් බදු මුදල් ලබා ගැනීම තවමත් ක්‍රියාත්මකයි!
ළමා ඉතිරි කිරීම් ගිණුම් වලින් බදු මුදල් ලබා ගැනීම නතර කල බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කල ද 2018 මැයි මාසයේද ළමා ඉතුරුම් ගිණුම් වලින් උපයනවිට බදු මුදල් අය කිරීම නවතා නැත. ඒ අනුව ළමා ඉතුරුම් ගිණුම් වලට ලැබෙන පොලියෙන් 2.5% ක මුදලක් උපයන විට බදු මුදල් වශයෙන් මෙරට බැංකු ගිණුම් සතු සියලුම ළමයින් විසින් රජයට ගෙවිය යුතුය.
මීට පෙර කිසිම රජයක් ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු මුදල් ලබා ගෙන නැති අතර ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු මුදල් ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළේ මෙම යහපාලනය රජයයි. එයද යහපාලනය රජය තැබූ මහදවල් මහ බැංකුව කැඩූම, ජනතාවට අසීමිත බදු ගැසීම,අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම ආදී වාර්තා අතර තවත් වාර්තාවකි.
ළමා ඉතිරි කිරීම් ගිණුම් වලින් බදු මුදල් ලබා ගැනීම නතර කල කිරීම හුදු මාධ්‍ය ප්‍රකාශ වලට පමණක් සීමා නොකොට සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන ලෙස අප මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතර මෙතෙක් ළමා ඉතිරි කිරීම් ගිණුම් වලින් ලබාගත් සියලුම මුදල් යළි ලබා දෙන ලෙසට ද බල කරමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
“Ratakata Onne Apamana Agayak……..Ekata Onne maithree Yugayak”
මේවාට කියන්නේ උපයන විට බදු නෙවෙයි බැඳුම් කර හොරාකාපු බදු කියල
යහපාලනය ලඟදිම කක්කුස්සි බද්දක් ගහනවා නිසැකය්.
දරුවන්ට ආදරයක් නැත්තේ රනිල්ට දරුවන් නැතිනිසා
The best thing is for the children. That is our policy