ළමා ඉතුරුම් ගිණුම්වලට 5%ක බද්දක්..
May 8, 2018 at 6:28 am | lanka C news
නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් අය කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් ලබා ගැනීම වහා නවත්වන්න.
ලෝක ළමා දිනය යෙදන ඔක්තෝබර් පලමු දිනට පමණක් ළමයින් පිළිබදව කිඔල් කදුලු හෙලන රජය නව බදු පනත අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් 2018 අප්‍රේල් පළමු වෙනිදා සිට ලබාගැනීමට කටයුතු කිරීම අප සංවිධානය තරයේ හෙළාදකිමු.ඒ අනුව ළමා ඉතුරුම් ගිණුම් සදහා ලැබෙන පොලියෙන් 5% ක මුදලක් රජය ලබා ගනී.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා ගිණුම් වලින් බදු ලබා ගන්නේ මෙම රජයයි. බඩු මිල සීඝූලෙස වැඩි කර ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයා ජීවත් වන්නේ ඉතාම අමාරුවෙන් වූවත් තම ළමයින්ගේ අනාගතය ගැන සිතා ඉපයීම් වලින් ළමයින්ගේ බැංකු ගිණුමේ මුදලක් තැන්පත් කිරීමට කටයුතු කරයි.තමා නොකා නොබී හෝ ළමයින්ට අධ්‍යාපනය ලබා දීමටත් කිසියම් මුදලක් ඒම ළමයින්ගේ අනාගතය සදහා ඉතිරිකිරීම වැරැද්දක්ද? යන්න අප රජයෙන් අසමු. ළමයාට වයස 18 පිරෙන තුරු ළමා ගිණුමකින් මුදල් ලබා ගත නොහැක. ළමා ඉතුරුම් ගිණුම් වලින් රජය මෙසේ බදු ලබා ගැනීම කටයුතු කළහොත් ජනතාවගේ ඉතුරුම් අඩු වීමටද පුළුවන.
නව බදු පනත හදුන්වා දීමේදී රජය ප්‍රකාශ කළේ ජෙෂ්ට පුරවැසි ගිණුම් වලින් බදු ලබා ගන්නේ ලක්ෂ 15 කට වැඩි ගිණුම් වලින් පමණක් වූවත් අප්‍රේල් මස සෑම ජෙෂ්ට පුරවැසි ගිණුමකින්ම බදු ලබාගෙන ඇත.
ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක රැදවුම් බද්ද ලබා ගැනීම වහා නවතන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
Munta hena vadinna ona.
Munta nam hena gahalath madi..aiyoo ratakata wechcha deyac. inne ne kiyapu maha eka den hodda bora nisa “karanna weda godac thiyanawa 2020th yanne ne kiyanawa”. ane ape daruwanta ratak ithuru weida?
මව් කිරි වලටත් බද්දක් ගහන්න යනවලු….
5% ganne interest walin…..Children Savings account ekaka interest eka 8% …. 500 tax wenna maseta interest eka Rs 10000 tiyenna one… 10000 interest enna Balance eka Rs 1500,000 tiyenna one… lamayekge account ekakata 1.5 million danna puluwan lankawema 5% adu janathawakata… echchara salli tiyena minissu 5% tax gewanna one… mewa gena hariyata danne netiwa.. samaHARAK kegahanawa… account ekaka Rs 5000 tibunata tax wenne ne…. aperate media karayoi politician lai janatawa gonata andanawa
බොරු කියන්න එපා මිනිහෝ රුපියල් 5,000 ක් තිබුනොත් බදු ගහන්නෙ නැහැ කියල. කීයක් තිබුනත්, ඒකට එන පොළියෙන් මාසිකව 5% ක් කපනව.
විදේශ ශ්‍රමිකයන්ගේ අනේවාසික ගිණුම් (NRFC) පොලී සඳහා ද 5% tax කරඇත.
My3yatai,ranilatai,mudal amathiyatai,siyaluma unp mantrivaruntai hena hathama vadinna one.