ළමා රෝගවලට ප්‍රතිකාර කිරීමෙි වයස් සීමාව අවුරුදු 16 තෙක් වැඩි කරන්න යයි..

December 21, 2016 at 3:07 am | lanka C news
ළමා රෝගවලට ප්‍රතිකාර කිරීමෙි වයස් සීමාව අවුරුදු 16 තෙක් වැඩි කරන්න යයි..

ළමා රෝග සදහා ප්‍රතිකාර කිරීමෙි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරිමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න යෝජනා කරයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොළඹ දී පසුගියදා පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කරන ලදි.

“ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය 1996 වසරේ දී ආරම්භ වූනා. ඉන් පසු ලංකාවෙි දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සදහා ප්‍රමිතින් හදුන්වා දෙමින් විශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පාකිස්ථානයේ ඩෙංගු මර්දන වැඩසටහන්වලට සක්‍රීය ලෙස දායක වුනා. එය පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පවතින සබදතාවය තවත් වර්ධනය කිරීමට සමත් වුනා. පාකිස්ථානය ශ්‍රී ලාංකිකයින්ට ද සහයෝගය දක්වා තිඛෙනවා. අපේ අනාගතය දරුවන්. ඔවුන් ආරක්ෂා කර ගැනීමට වැඩිහිටියන් ලෙස අපට විශාල වගකිමක් තිඛෙනවා. දරුවන් සදහා සුරක්ෂිත අනාගතයක් සකස් කිරිමට රජය ඇපකැප වී කටයුතු කරනවා. විශේෂඥ වෛද්‍යවරුන් රෝගී දරුවන් සුරක්ෂිත කිරීමට කැපවී කටයුතු කිරිම මම අගය කරනවා. ළමා විශේඥ වෛද්‍යවරුන් ළමා විශේෂඥ වෛද්‍ය සේවාව නිසි කළමණාකාරීත්වයකින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නිරෝගී සම්පන්න දරු පරපුරක් සදහා එය ඉතා වැදගත් වෙනවා. දරුවන්ගේ සුරක්ෂිතතාවය උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය කැප වී සිටිනවා.

දැනට ළමා රෝහලට ඇතුලුවන වයස අවුරුදු 14 අඩු දරුවන් සදහා පමණයි ප්‍රතිකාර ලබාදෙන්නේ. එම වයස් සීමාව අවුරුදු 16 දක්වා වැඩි කිරීමට මම යෝජනා කරනවා. ඒ සදහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ද සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දක්ෂයෙක්. මිීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 500 ක මුදලක් වැයකරමින් දින 52 ක් තුල ඉදිකර අවසන් කෙරුනා. ඒ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුවයි. නැතිනම් මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා රුපියල් බිලියන 09 ක මුදලක් වැය කිරීමට සැළසුම් කර තිබුනා. මෙමගින් ද මම සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ඉතිරි කර දී තිඛෙනවා.

– නිපුන් ඒකනායක

21 views
Main News